වෝල්ට් ඩිස්නිගේ “බැම්බි” නැවත ප්‍රදර්ශණය වන විට මව්වරු සහ පියවරු තම පුතුන් සහ දියණියන් සමග තම කුඩා කාලය නැවත මතක් කර ගත්තෝය. තම ස්වාමිපුරුෂයා දඩයක්කාරයෙක් වූ තරුණ මවක්ද එහි සිටියාය. ඔවුන්ගේ කාමරය අනර්ඝ සත්ව කොටස් වලින් පුරවා තිබුණි. ඇය තම කුඩා දරුවන් තමන් අසළ තබා ගෙන වාඩිවී සිටියාය. දඩයක්කාරයෙක්ගේ වෙඩි පහරින් බැම්බිට තම මව අහිමිවන මොහොත අහෝ! අයියෝ! යන හඬ ඇයද අත්වින්දාය. අද පවා පවුලේ සාමාජිකයන් සමග ඇය එක්වන සෑම විටකම එම ශාලාවේ සිටි තම පුතා අහිංසකව පැවසූ “හොඳ පහරක්” යන වදන් නිසා තමා විඳි ලැජ්ජාව ඇය ප්‍රකාශ කළාය.

සමහර විට අපගේ දරුවන් කරන ලැජ්ජාව උපදවන දේවල් ගැන අපි කථා කරමු. නමුත් ගීතාවලිය 136 දී ඉශ්‍රායෙල් සෙනග එවැනි දෙයක් කරන විට අප කියන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ තෝරාගත් මුදාගත් සෙනග එවැනි දෙයක් කරන විට අප කියන්නේ කුමක්ද? ඔවුහු මුළු මැවිල්ලට සහ තමන්ට සදාකල් පවතින ප්‍රේමයක් ගැන සැමරූහ. නමුත් එය ඔවුන්ගේ සතුරන්ට නොවේ. “කුළුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට ස්තුති කරව්” (10 පදය, නික්මයාම 12:29-30 බලන්න) යනුවෙන් ගීතාවලිය ගීතිකා ගයයි.

කෙනෙක්ගේ මවක්, සහෝදරියෙක්, පියෙක්, සහෝදරයෙක් යන කෙනෙක්ගේ ජීවිත මිළයෙන් කරන ලද “හොඳ පහරක්” වගේ නේද?

අපට කථාවේ ඉතිරි කොටස අවශ්‍ය වන්නේ ඒ නිසාය. යේසුස්වහන්සේගේ නැවත නැගිටීම නැමැති ආලෝකය පැමිණී විට මුළු ලෝකයටම පවුලේ කථාවට, කඳුළු සහ සිනහවට ආරාධනා කළ හැකිය. අපි යේසුස්වහන්සේව අපගේ ගැළවුම්කරුවාණන් ලෙස සහ උන්වහන්සේව අප තුළ ජීවත් කර ගත් විට පමණයි උන්වහන්සේගේ වියදමෙන් සැමටම ප්‍රේම කරන දෙවියන්වහන්සේගේ පුදුමයන් ගැන අපට බෙදා ගත හැකි වන්නේ.