2019  අප්‍රේල් හි කැලිෆෝර්නියාවේ වික්ටර්විල් ප්‍රදේශය ආක්‍රමණීක පෙරළෙන වල් පැළෑටියකින් ඉතිරී ගියේය. දරුණු සුළං මොජෙව් කාන්තාරයේ සිට මෙම ප්‍රදේශයට මෙම වල්පැළෑටි ගෙන එති. වැඩෙන විට මෙම වල් පැළෑටිය අඩි හයක් පමණ උසට වැඩේ. එය සුළඟට පෙරළී බීජ ව්‍යාප්ත කරන්නේය.

මෙම පෙරළෙන වල් පැළෑටි පුද්ගලයාගේ හදවත ගැන යෙරෙමියාගේ විස්තරය මට මතක් කරයි. “සිතින් ස්වාමින්වහන්සේ කෙරෙන් පහව යන්නාවූ” (යෙරෙමියා 17:6) මනුෂ්‍යයා මෙනි. ඔහු කියන ලෙස මාංසයෙන් ශක්තිය ලබා ගන්නා මනුෂ්‍යයා පාළුකරයේ කටු පඳුරක් මෙන් සඵලත්වය එන විට ඔවුන් එය දකින්නේ නැත (5-6 පද). ඊට සම්පූර්ණයෙන් විරුද්ධ පැත්ත සෙනග කෙරෙහි තම විශ්වාසය නොතබා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අය වීමයි. ගස් මෙන් ඔවුන්ගේ ශක්තිමත් ගැඹුරු මුල් උන්වහන්සේගෙන් ශක්තිය උරා ගන්නේ නියං කාලයේදී පවා ජීවනයෙන් පිරී සිටීමටය.

පෙරළෙන වල් පැළෑටි වලටත් ගස්වලටත් මුල් තිබේ. නමුත් පෙරළෙන වල් පැළෑටි ජීවිත මූලාශ්‍රයට සම්බන්ධ නැත. ඒ හෙයින් ඒවා වියළී යන්නේය. අනෙක් අතට ගස් අසීරු කාලවලදී දරා සිටීමට හැකිවන පරිදි ඒවායේ මුලට සම්බන්ධ වී වර්ධනය වී ඵල දරති. බයිබලයේ සඳහන් ප්‍රඥාව සොයා ගෙන උන්වහන්සේට යාච්ඤාවෙන් කථා කරමින් ශක්තිය සහ දිරිගැන්වීම ලබා ගෙන අපි දෙවියන්වහන්සේව අල්ලා ගෙන සිටින විට අපටද උන්වහන්සේ ලබා දෙන ජීවනයද ජීවනය දරා ගැනීමේ පෝෂණයද අත් දැකිය හැකි වන්නේය.