සෘතු බලපෑම් පෙරළිය (SAD seasonal affective disorder) නැමැති ආතතියෙන් පිඩා විඳින මිලියන ගණනක් දෙනා අතර මමද සිටිමි. එය කෙටි ශීත සෘතු කාලවලදී හිරු එළිය අඩු නිසා සෑදෙන ආතතියකි. මම බිය වන විට ශීත සෘතුවේ මිදෙන ශාපය අවසන් නොවේ. මම දහවල් වැඩි උණුසුම් කාලගුණයක් ගැන ඕනෑම සාක්‍ෂියක් බලාපොරොත්තුවෙන් ඉන්නෙමි.

වසන්ත කාලයේ පළමු ලකුණු වන දියවන හිම තුළින් මල් වර්ග නිර්භීතව ඉහළට ඇදෙන විට අපගේ අඳුරුම කාලවලදී පවා දෙවියන්වහන්සේට ක්‍රියා කළ හැකි ආකාරය මට බලවත් ලෙස සිහිපත් වන්නේය. මීකා හදවත ඉරා ගෙන යන ශීත සෘතුවකදී එය මතක් කරන්නේ ඉශ්‍රායෙල්වරු දෙවියන්වහන්සේගෙන් හැරුණු විටය. අඳුරු තත්ත්වය ගැන දක්වමින් “එක් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වත් නැත” කියා ඔහු වැළපුණේය (7 පදය).

තත්ත්වය ඉතා භයානක වූවත් අනාගතවක්තෘ බලාපොරොත්තුව අත්හැර ගන්නේ නැත. විනාශය මධ්‍යයේත් කිසිදු සාක්‍ෂියක් පෙනෙන්න නොතිබුණත් දෙවියන්වහන්සේ ක්‍රියා කරන බව ඔහු විශ්වාස කළේය.

සමහර විට අවසන් නොවේ යැයි පෙනෙන අඳුරු ශීත සෘතුවලදී වසන්තය එනවා නොපෙනෙන විට මීකා ගිය අරගල තුළින් අපිද යන්නෙමු. අපි කලකිරීමට භාජනය වන්නෙමුද? නැත්නම් “ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් බලා සිටිමුද?” (7 පදය).

අප දෙවියන්වහන්සේ කෙරෙහි තබා ඇති බලාපොරොත්තුව නාස්ති නොවේ (රෝම 5:5). උන්වහන්සේ සීත සෘතු නැති කාලයක් ගෙන එන සේක. ඒ කිසි දුකක් හෝ වේදනාවක් හෝ නැති කාලයකි (එළිදරව් 21:4). එතෙක් “මාගේ බලාපොරොත්තුව ඔබවහන්සේ තුළය” (ගීතාවලිය 39:7) කියමින් අපි උන්වහන්සේ තුළ විශ්‍රාමයෙන් සිටිමු.