මෙම චිත්‍රය නිසා මම තදින් සිනහවීමි. මැක්සිකානු මාවතක පාප් වහන්සේ එන තුරු සෙනග රැස්වී උන්නෝය. සෙනග කොඩි වනමින් වර්ණවත් කඩදාසි කැබලි විසි කරමින් සිටියෝය. පාර මැද ඉබාගාතේ යන බල්ලෙක් ඔල්වරසන් ඌට යයි සිතමින් සිනහවේගන ගියේය. සෑම බල්ලෙකුටම දිනයක් එන්නේය. එය මෙබඳු විය යුතුය.

බල්ලෙකු අවධානය ගැනීම ඉතා අලංකාර වූවත් වෙන අයෙකුට අයිති ප්‍රශංසාව බලෙන් ගැනීම හානිදායකය. දාවිත් එය දැන සිටියේය. තම සොල්දාදුවන් ජීවිත පරදුවට තබා ගෙන ආ ජලය ඔහු පානය කළේ නැත. බෙත්ලෙහෙම් ළිඳෙන් කවුරුන් හෝ ජලය ගෙනාවොත් හොඳයයි ඔහු ප්‍රාර්ථනාවක් කළේය. ඔහුගේ සොල්දාදුවන් තුන් දෙනෙක් එම වචන එසේම පිළිගත්තෝය. ඔව්හු සතුරු හමුදා බිඳ ගෙන ගොස් දාවිත් වෙත ජලය ගෙනාවෝය. දාවිත්ට ඔවුන්ගේ භක්තිය දරා ගැනීමට නොහැකි විය. ඔහුට එය අන් අයට දීමට අවශ්‍ය විය. ඔහු එය බීම ප්‍රතික්‍ෂේප කර පාන පූජාවක් ලෙස එය දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගිරවීය (2 සාමුවෙල් 23:16).

අප ප්‍රශංසාවට සහ ගෞරවයට ප්‍රතිචාර දක්වන ආකාරය අප ගැන බොහෝ දේ පවසන්නේය. ප්‍රශංසාව අන් අයට යොමුවන විට විශේෂයෙන් දෙවියන්වහන්සේට යොමු වන විට ඒ මාර්ගයෙන් ඉවත්ව ඉන්න. පෙරහැර අපට නොවේ. ගෞරවය අප වෙතට යොමු වන විට ඒ තැනැත්තාට ස්තුති කොට සියලු මහිමය දෙවියන්වහන්සේට දීමෙන් එම ප්‍රශංසාව වඩා වර්ධනය කරන්න. ජලය අපට නොවේ. ස්තුති දෙන්න. ඉන්පසු දෙවියන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්න.