මා මාගේ අලුත් අධ්‍යක්‍ෂකගේ කාර්යයාලයට ගිය විට මට චකිතයක්ද අලුත් හැඟීම්ද තිබුණි. මගේ පැරණි අධ්‍යක්‍ෂක පාලනය ගෙන ගියේ දරුණු ලෙසය. බොහෝ විට මා සහ අන් අයට කඳුළු ඉතිරි කරමිනි. දැන් මා කල්පනා කළේ මගේ අලුත් නායකයා කෙබඳු කෙනෙක් වේවිද කියාය. මා ඔහුගේ කාමරයට ඇතුල් වූ විට මාගේ භිය දියව ගියේය. ඔහු මාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන මා ගැනත් මගේ අසහනයන් ගැනත් ඔහු සමග බෙදා ගන්නා ලෙසට මාගෙන් ඉල්ලීය. ඔහු උවමනාවෙන් අසා සිටියේය. ඔහුගේ කරුණාවන්ත පෙනුම සහ මෘදු වචන ඔහු ඇත්තෙන්ම සළකන කෙනෙක් බව මම දැන ගත්තෙමි. ඔහු යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙක් වූ අතර ඔහු මාගේ උපදේශකද මාව දිරිගන්වන්නාද මාගේ මිතුරාද විය.

“පොදු ඇදහිල්ලේ හැටියට ඔහුගේ සැබෑ දරුවාවූ” (තීතස් 1:4) තීතස්ට අපෝස්තලු පාවුල් ආත්මික උපදේශකයෙක් විය. ඔහු තීතස්ට ලියූ ලිපියේ පාවුල් ඔහුට ප්‍රයෝජනවත් උපදෙස් සහ සභාවේ තීතස්ගේ භූමිකාවට නිර්නායකයන්ද දුන්නේය. ඔහු ඉගැන්වූවා පමණක් නොව ආදර්ශයක්ද දුන්නේය. ඒ “සාරවූ ගුරුකමට හොබනා දේ” කිරීමටය (2:1). “යහපත් දේවල ආදර්ශයක්” වීමටත් “සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත්” (7-8 පද) පෙන්වන්න උපදෙස් දුන්නේය. තීතස් ඔහුගේ කොටස්කරුවාද සහෝදරයාද හවුල්කරුවාද (2 කොරින්ති 2:13, 8:23) මෙන්ම අන් අයගේ උපදේශකයාද විය.

අපගෙන් බොහෝ අය උපදේශකයෙකුගේ, ගුරුවරයෙකුගේ, පුහුණුකරන්නෙකුගේ, සීයා හෝ ආච්චිගේ, යෞවන නායකයෙකුගේ හෝ සභා පාලකයෙකුගේ ප්‍රයෝජනය ලැබුවෝය. ඔව්හු අපව ඔවුන්ගේ දැනුමෙන්, ප්‍රඥාවෙන්, දිරිය දීමෙන් සහ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මග පෙන්වූහ. යේසුස්වහන්සේ සමග ඔබගේ ගමනේදී ලද ආත්මික පාඩම්වලින් ප්‍රයෝජනය ලැබිය හැක්කේ වෙන කාටද?