තමන්ගේ ජීවිතයේ ඊළඟ කොටසේ කළ යුතු දේවල් ගැන යාච්ඤා කළ පසු මාර්ක් සහ නීනා, ඔවුන් කළ යුත්තේ නගර මධ්‍යයට යාම බව තීරණය කළහ. ඔව්හු හිස් ගෙයක් මුදලට ගත්තෝය. ඉන්පසු එය අලුත් වැඩියා කරමින් සිටියහ. එවිට කුණාටුව ආවේය. මාර්ක් මට පණිවුඩයක් එවීය: “අපට අද උදේ පුදුමයක් සිදු වුනා. ජෙෆර්සන් නගරය හරහා හමා ගිය සුළිකුණාටුව අපගේ අලුත්වැඩියා කළ නිවසේ කොටස් රැගෙන ගියා. දැන් ඇත්තේ ලී සහ ගල් පමණයි. දෙවියන්වහන්සේ මොනවද කියනවා”.

අපව වියවුල් කරන්නේ පාලනය කළ නොහැකි සුළි කුණාටු පමණක් නොවේ. කෙසේ වෙතත් ජීවිතය පවත්වා ගෙන යාමේ එක් රහසක් නම් අවාසනාවේදී දෙවියන්වහන්සේව අමතක නොකිරීමයි.

කාලගුණ ඛේදවාචකය නිසා යෝබ්ට වස්තුව සහ තම දරුවන් නැතිවුණි (යෝබ් 1:19). එය ඔහු මුහුණ දුන් පුදුමයන්ගෙන් එකක් පමණී. ඊට පෙර පණිවුඩකරුවන් තිදෙනෙක් නරක ප්‍රවෘත්ති ගෙන ආහ (13-17 පද).

ඕනෑම දිනකදී අපට මංගල්‍යය භෝජනයක සිට වැලපීමකටද ජීවිතයේ සැමරීමක සිට සුදානම් වන මරණයකට හෝ වෙනත් ජීවිත අභියෝගයකටද යන්න සිදුවනු ඇත. අපගේ ජීවිත ගල් සහ ලී වලට ඉක්මණින් මාරු විය හැකිය. ඒ මූල්‍යමය, සම්බන්ධතාවල, භෞතිකව, භාවාත්මකව සහ ආත්මිකව විය හැකිය. නමුත් දෙවියන්වහන්සේ ඕනෑම කුණාටුවකට වඩා බලවත්ය. ජීවිතයේ පරීක්‍ෂාවන්ගෙන් ජය ගැනීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේ කෙරෙහි යොමු වන ඇදහිල්ලකි. යෝබ් සහ අනිත් අය මෙන් “ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා” (21 පදය) කියා කීමට හැකි ඇදහිල්ලකි.