ඈශ්ටන් සහ ඔස්ටින් සැමුවෙල්සන් කිතුණු විදුහලකින් උපාධි ලබාගත්තේ යේසුස්වහන්සේට සේවය කිරීමට දැඩි ආශාවක් ඇතිවය. නමුත් දෙදෙනාටම සභාවේ සම්ප්‍රදායික සේවයක් කිරීමට කැඳවීමක් නොතිබුණේය. එහෙත් ලෝකයේ සේවයක් ගැන මොකද? අනිවාර්යයෙන්ම! ඔවුන් එයට ඉතාම කැමති විය. ළමා කුසගින්න තුරන් කිරීමට තිබූ බර ඔවුන්ගේ ව්‍යාපාරික නිපුණත්වයන් සමඟ එකතු කර, ඔවුන් 2014 වසරේ රොටී වර්ග අලෙවි කරන අවන්හලක් ආරම්භ කළේය. එය සාමාන්‍ය අවන්හලක් නොවීය. සැමුවල්සන්ලා ව්‍යාපාර කළේ එකක්- අරන් -එකක්- දෙන්න යන දර්ශනය මතය. මිලදී ගන්නා සෑම ආහාර වේලක් සඳහා, මන්දපෝෂිත දරුවන්ට විශේෂයෙන් සාදන ලද පෝෂණීය ආහාර වේලක් ලබාගන්නට අවශ්‍ය මුදල් පරිත්‍යාග කරන්නේය. මෙතෙක් ඔවුන් රටවල් 60කට පමණ ආධාර කර තිබේ. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ළමා කුසගින්න තුරන් කිරීමේ කොටස්කරුවන් වීමටය වරකට එක් රොටියක්!

මතෙව් 10 යේසුස්වහන්සේගේ වදන් ගුප්ත වචන නොවේ. ඒවා විශ්මිත ලෙස ඉතා පැහැදිලිය. භක්තිය දකින්නේ වචන වලින් නොව ක්‍රියාවලිනි (37-42 පද). එක් ක්‍රියාවක් නම් “පොඩි එවුන්ට” යමක් දීමය. සැමුවෙල්සන් ලාට එය දරුවන්ට දීමය. නමුත් “පොඩි එවුන්ට” යන්නෙන් අදහස් කරන්නේ කලානුක්‍රමික වයසට සීමාවූවක් නොවේ. යේසුස්වහන්සේ අපව කැඳවන්නේ සමාජයෙන් කොන්වී සිටින පුද්ගලයින්ට සැළකීමටය. රෝගීව, දුගීව, සිරගතවී, අනාථවී නැත්නම් වෙන යම් අයුරකින් අවාසිගතව ඉන්නා අයටය. දිය යුත්තේ කුමක්ද? යේසුස්වහන්සේ කියන්නේ “ඇල්වතුර කෝප්පයක්” හෝ කියාය (42 පදය). ඇල්වතුර කෝප්පයක් හෝ එම වර්ගීකරණයට ඇතුල්වන්නේ නම් රොටියක් අනිවාර්යයෙන්ම ඊට ඇතුලත් වේ.