ඉතිහාසයේ වාර්ථාගත දීර්ගතම තැපැල් ප්‍රමාදය වසර 89කි. 2008 වර්ෂයේ එංගලන්තයේ නිවාස හිමියෙකුට, ඇගේ ලිපිනයේ ඊට කලින් විසූ කෙනෙකුට 1919 වර්ෂයේ තැපැල් කරන ලද සාදයකට ආරාධනාවක් ලැබිණ. එම ලිපිය ඇගේ තැපැල් පෙට්ටියට රාජකීය තැපැල් සේවය මඟින් එවා තිබූ නමුත් දීර්ග ප්‍රමාදයට හේතුව අභිරහසකි.

සන්නිවේදනයේ හොඳම මනුෂ්‍ය උත්සාහයද සමහර අවස්ථාවල අපව කලකිරීමට පත් කරන නමුත් දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි කරන්නේ උන්වහන්සේ කෙදිනකවත් තම විශ්වාසවන්ත සෙනඟගේ හඬට සවන් දීමට පසුබට වන්නේ නැති බවයි. 1 රාජාවලියේ 18 එළියා, දෙවියන්වහන්සේ සහ මිථ්‍යාදෘෂ්ඨික බාල් අතර කැපී පෙනෙන වෙනස ප්‍රදර්ශනය කළේය. සත්‍ය දෙවියන්වහන්සේ කවුද යන්න ඔප්පු කරන්නට සිදුවූ තීරණාත්මක අවස්ථාවක බාල්ගේ අනාගතවක්තෘන් පැය ගණන් මොරගැසුවෝය. එළියා ඔවුන්ට සරදම් කළේය “ශබ්දනගා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදුවන්න උවමනා ය” (27පදය). ඉන්පසු එළියා, තම සෙනඟ නැවත ඇදහිල්ලට පැමිණෙන පිණිස යෙහෝවා දෙවියන්වහන්සේට පිළිතුරු දෙන ලෙස යාච්ඤා කළේය. එවිට දෙවියන්වහන්සේගේ බලය පැහැදිලි ලෙස ප්‍රදර්ශනය වූයේය.

එළියාගේ මෙන් අපගේ යාච්ඤාවලට සැමවිටම ඉක්මන් පිළිතුරු ලැබුනේ නැතත්, දෙවියන්වහන්සේ ඒවා අසන බවට අපට සහතික විය හැක (ගීතාවලිය 34:17). බයිබලය අපට මතක් කරන්නේ උන්වහන්සේ අපගේ යාච්ඤාවන් මොන තරම් අගය කරනවාද යත් ඒවා “රන් භාජන” වල වටිනා සුවඳ දුම් මෙන් තබා ඇති බවයි (එළිදරව් 5:8). දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පූර්ණ ප්‍රඥාවෙන් සහ මාර්ග තුළින් අපගේ සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙන සේක. ස්වර්ගයේ ලියුම් නැතිවෙන්නේ නැත.