සමහරු ඔහුට “ගස්වලට මුමුණන්නා” යයි කියති. ටෝනි රිනාව්ඩෝ ඕස්ට්‍රේලියාවේ වර්ල්ඩ් විෂන් ආයතනයේ ගස් සාදන්නාය. ඔහු කෘෂිකර්ම විශේෂඥයෙක් වන අතර වසර 30ක පමණ කාලයක් පුරා ඔහු අප්‍රිකාවේ සාහෙල් ප්‍රදේශයේ වනගහනය අඩුවීම සමඟ සටන් කරමින් යේසුස්වහන්සේ ප්‍රකාශකරන මිෂනාරි වරයෙකි.

වර්ධනය අඩු පඳුරු ඇත්තෙන්ම අක්‍රීය ශාඛ බව ඔහු දැනගෙන රිනාව්ඩෝ ඒවා කප්පාදු කර, රැකබලාගෙන, ජලය සපයන්නට පටන්ගත්තේය. දහස් ගණන් ගොවියන් ඔහුගෙන් පන්නරය ලබා පාංශුඛාදනය ආපසු හැරවීමෙන් තමන් අවට ඇති වනගහනය ප්‍රතිස්ථාපනය කර තම අසාර්ථක ගොවිපළවල් බේරාගත්තේය. උදාහරණයක් ලෙස, නයිජර් ප්‍රදේශයේ ගොවීන් තම භෝග සහ ආදායම දෙගුණ කරගෙන වසරකට මිලියන 2-5 ක අමතර සෙනඟකට ආහාර සපයා ඇත.

කෘෂිකර්මයේ නිර්මාතෘ යේසුස්වහන්සේ, යොහන් 15හි මෙවැනි කෘෂිකාර්මික උපක්‍රම පිළිබඳ සඳහන් කරමින් මෙසේ කියන සේක, “සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන්වහන්සේ උද්‍යාන පාළකයාණෝ ය. උන්වහන්සේ, මා තුළ ඇති, ඵල නොදරන සියළු අතු කපා හරින සේක. ඵල දරන සියළු අතු, වඩා ඵල දරන පිණිස පාහින සේක (1-2 පද).

දෙවියන්වහන්සේගේ දෛනික ස්පර්ශය නොමැතිව අපගේ ආත්ම වියළී අක්‍රිය වේ. කෙසේවෙතත් අපි උන්වහන්සේගේ ව්‍යවස්ථාව තුළ සතුටු වන විට, දිනපතා මෙනෙහි කරන විට, අප “ ඇළ දොළ අද්දර සිටුවා ඇති ගසකට” සමාන වන්නේය (ගීතාවලිය 1:3). අපගේ ශාඛ පත්‍ර නොමැලවේ, අප කරන සියල්ල සඵලවේ (3 පදය). කප්පාදු කර, උන්වහන්සේ තුළ රෝපණය වූ විට අපි සදාහරිත ලෙස නැවුම්ව වර්ධනය වන්නේය.