මිචිගන්හි පොන්ටියැක් ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා දමන සමාගමක් විසින් වැරදි ගෙය ඩෝසර් කරන ලදී. පරීක්‍ෂකවරුන් විශ්වාස කරන්නේ, කඩා දමන්නට නියමිතව තිබූ ගෙයි අයිතිකරු තම නිවසේ නොම්මරය වෙනත් ගෙයකට සවිකර තමන්ගේ ගෙය කඩා දැමීම මගහැරිය බවයි.

යේසුස්වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධ දේ කළ සේක. උන්වහන්සේ යෙදී සිටියේ තමන්ගේ “නිවස” අන් අය වෙනුවෙන් කඩා දැමීමේ මෙහෙවරකය. දර්ශනය සිතින් මවාගන්න. යේසුස්වහන්සේගේ ගෝළයින් ඇතුළුව, හැමදෙනාම මොනතරම් වියවුල් වී සිට ඇත්ද. උන්වහන්සේ ආගමික නායකයින්ට අභියෝග කරමින්: “මේ දේවමාලිගාව කඩා දමන්න, තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි” (යොහන් 2:19) යයි පැවසූ විට ඔවුන් එකිනෙකා දෙස බලා සිටි අයුරු සිතින් මවාගන්න. නායකයින් කෝපාවිෂ්ඨව ප්‍රතිචාර දැක්වූයේ “මේ දේවමාළිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහිද?” (20 පදය). නමුත් යේසුස්වහන්සේ තමාගේම ශරීරය පිළිබඳ කථාකරන බව උන්වහන්සේ දැන සිටිසේක (21 පදය). ඔවුන් එය දැන සිටියේ නැත.

අප අපටත් අන් අයටත් කරන හානිය අවසානයේ උන්වහන්සේ පිට වැටෙන බව පෙන්වා දෙන්නට උන්වහන්සේ පැමිණි බව ඔවුන්ට තේරුම් ගත නොහැකි විය. උන්වහන්සේ ඒ වෙනුවට මිළ ගෙවනවා ඇත.

අපටත් වඩා හොඳින් දෙවියන්වහන්සේ අපගේ හදවත් හඳුනන සේක. එහෙයින් උන්වහන්සේ තමන්ගේ සැළසුම්වල පූර්ණත්‍වය, උන්වහන්සේගේ හාස්කම් දැක උන්වහන්සේ විශ්වාස කළ අයට පවා භාරදුන්නේ නැත (23-25 පද). එකළ මෙන්ම දැනුත් උන්වහන්සේ, යේසුස්වහන්සේගේ වචන වල ප්‍රේමය සහ යහපත්කම සෙමින් හෙළිකරමින් සිටිසේක. එම වචන උන්වහන්සේ අපට කීවත් ඒවා තෙරුම්ගැනීමට නොහැකි තරම්ය.