වසර ගණනාවකට පෙර මට විශ්වවිද්‍යාල නේවාසික සිසුන් කණ්ඩායමකට කථාකිරීමට ආරාධනා ලැබිණ. ඔවුන් උද්ඝෝෂන කිරීමට ප්‍රසිද්ධියක් දැරූ බැවින් මම මිතුරෙකුත් රැගෙන ගියෙමි. ඔවුන් පාපන්දු ශූරතාවක් ජයගෙන එදින සමරමින් උන්නේය. රාත්‍රි ආහාර වෙලාව ඉතාම කළබලකාරී ස්වභාවයක් ගත්තේය. අවසානයේදී, ඒ නේවාසිකාගාර සභාපති නැගිට “දෙවියන්වහන්සේ ගැන කථාකරන්න දෙදෙනෙක් මෙතැනට ඇවිත් ඉන්නවා” කියා දැනුම් දුන්නේය.

මම වෙවුලමින් නැඟිට ඔවුන්ට දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන කථාකරන්නට පටන්ගත්තා. කාමරය නිශ්චල විය. සියළු දෙනාම උද්යෝගයෙන් අසා සිටියේය. පසුව ඉතාම දැඩි නමුත් අවංක ප්‍රශ්න උත්තර කාලයක් පැවතිණි. ඉන්පසුව අපි එම ස්ථානයේ බයිබල් අධ්‍යයනයක් ආරම්භ කර ඊළඟ වසරවලදී බොහෝ අය යේසුස්වහන්සේ තුළ ගැළවීම ලබාගත්හ.

මට ඒ වාගේ බොහෝ දිනයන් මතකය, එනම්, “සාතන් විදුලියක් මෙන් අහසින් වැටෙනු දිටිමි”(ලූක් 10:18), නමුත් ඒවාගේම බොහෝ දිනයන්හි මුහුණ සමතලා වෙමින් වැටුනේ මමයි.

ලූක් 10 අපට පවසන්නේ යේසුස්වහන්සේගේ ගෝළයින් මෙහෙවරකින් පසුව නැවත පැමිණ විශාල සාර්ථකත්‍වයක් වාර්ථා කිරීමයි. බොහෝ අය දේවරාජ්‍යය තුළට ගෙනැවිත් තිබිණ, යක්‍ෂයන් පලා ගොස් තිබිණ, මිනිසුන් සුවය ලබා තිබුණහ. ගෝළයින් ප්‍රබෝධමත් වී සිටියහ! යේසුස්වහන්සේ උත්තර දෙමින්, “සාතන් විදුලියක් මෙන් අහසින් වැටෙනු දිටිමි” කීසේක. පසුව උන්වහන්සේ මෙසේ අවවාද කළසේක, “අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්න (ලූක් 10:20).

අප සාර්ථකත්‍ව ඉදිරියේ ප්‍රීතිවන්නෙමු. නමුත් අප අසාර්ථක වූ විට අපගේ බලාපොරොත්තු සුන්වී යන්නේය. දෙවියන්වහන්සේ ඔබව කැඳවා ඇති දේ අඛණ්ඩව කරන්න. ප්‍රතිඵල උන්වහන්සේට භාරදෙන්න. උන්වහන්සේගේ පොතෙහි ඔබගේ නාමය ලියා තිබේ!