“ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්” නම් සංගීතමය නාට්‍යයයෙහි රඟපෑමට මාගේ මිණිබිරියන් දෙදෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගිවූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාටම ප්‍රධාන චරිත ලබාගැනීමට දැඩි ආශාවක් තිබුණේය. මැගීට අවශ්‍ය වුනේ තරුණ ඇලිස්ගේ චරිතය රඟපාන්නටයි. කේටි සිතුවා මැටිල්ඩාගේ චරිතය ඇයට හොඳයි කියා. නමුත් ඔවුන්ට ලැබුණේ මල් මෙන් රඟපෑමටයි.

නමුත්, “ප්‍රධාන චරිත රඟපාන්නට ලැබුණු ඔවුන්ගේ මිතුරියන් ගැන ඔවුන් බොහොම සතුටුවුනා” කියා මාගේ දියණිය පැවසුවාය. තම මිතුරියන්ගේ උද්යෝගය බෙදාගෙන ඔවුන්ට ඔල්වරසන් දීමෙන් ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත් මගේ දියණිය තවදුරටත් පැවසුවාය.

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයෙහි එකිනෙකා අතර තිබිය යුතු සම්බන්ධතාවය ගැන මෙය කෙතරම් අනර්ඝ චිත්‍රයක්ද! සෑම සභාවකම ප්‍රධාන භූමිකා යැයි සැළකිය හැකි තනතුරු ඇත. නමුත් ඒවාට මල්ද අවශ්‍යව ඇත, එනම් අත්‍යවශ්‍ය නමුත් එතරම් ඉහළ මට්ටමේ වැඩ නොකරන අය. අප ආශා කරන තනතුරු අන් අයට ලැබුණොත්, ඒ අයව ධෛර්යමත් කරන අතර අපට දෙවියන්වහන්සේ දී ඇති භූමිකාව උද්යෝගයෙන් කරන්නට අපට හැකිවේවා.

ඇත්තෙන්ම, අන් අයට උපකාර කර ඔවුන් දිරිමත් කිරීම, දෙවියන්වහන්සේට ප්‍රේමය පෙන්වන මාර්ගයකි. හෙබ්‍රෙව් 6:10 මෙසේ කියයි “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.” එසේම, උන්වහන්සේගේ දෑතින් පැමිණෙන කුමන දීමනාවක් හෝ නොවැදගත්වන්නේ නැත. දෙවියන්වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසි ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුසලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න (1 පේතෘස් 4:10).

දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ ත්‍යාගයන් උනන්දුවෙන් ක්‍රියාවට නංවන දිරිමත් කරන්නන්ගෙන් සමන්විත සභාවක් ගැන සිතෙන් මවාගන්න ( හෙබ්‍රෙව් 6:10). එය ඉමහත් ප්‍රීතියක් උපදවයි!