ලිංගික පාප සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මැක් නම් තැනැත්තා අසහනයට පත්ව සිටියේය. ඔහුට වටින සම්බන්ධතා අවුල්වී තිබූ අතර ඔහුගේ හෘදසාක්‍ෂිය ඔහුට වධ දුන්නේය. ඔහුගේ දුක්ඛිත තත්ත්‍වය තුළ, දේවගැතිවරයකු සමඟ කථාකරන්නට සොයමින් නොදැනුවත්වම සභාවකට පැමිණුනේය. එතැනදී තමන්ගේ සංකීර්ණ කථාව බෙදාගැනීම තුලින් සහ දෙවියන්වහන්සේගේ සමාව සහ දයාව ගැන අසා ඔහුට සහනයක් ලැබුණේය.

ගීතාවලිය 32 දාවිත් විසින් ලියනු ලැබුවේ තමන්ගේ ලිංගික පාපයට පසුව බව විශ්වාස කෙරේ. ඔහු තම වැරැද්ද තවත් උග්‍ර කරමින්, නපුරු උපාය මාර්ගයක් සැළසුම් කර එම ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයාව මරණයට පත්කළේය (2 සාමුවෙල් 11-12 බලන්න). මෙම අප්‍රියජනක සිදුවීම් ඔහු පිටුපස තිබියදී, ඔහුගේ ක්‍රියාවල ප්‍රතිඵල එසේම පැවතීය. ගීතාවලිය 32:3-4 පෙන්වා දෙන්නේ ඔහුගේ අප්‍රසන්න වැරදි පිළිගැනීමට පෙර ඔහු අත්දුටු ගැඹුරු අරගලයන්ය. පාපොච්චාරණය නොකළ පාප වල දැවෙන බලපෑම් සක්සුදක්සේ පැහැදිලි විය. සහනයක් ගෙනාවේ කුමක්ද? සහනය ලැබුණේ දෙවියන්වහන්සේට තම පාප කියාදී උන්වහන්සේ දෙන්නාවූ සමාව පිළිගැනීමෙනි (5 පදය).

අපට ආරම්භ කිරීමට කෙතරම් අනගි ස්ථානයක්ද! දෙවියන්වහන්සේගේ දයාව ඇති ස්ථානය! එනම්, අපට සහ අනුන්ට හානි කරන යමක් කියූ විට හෝ කළ විට අප ඉන්නා ස්ථානය. අපගේ පාපයේ දොස්තැබීම ස්ථිර විය යුතු නැත. අපගේ වැරදි පිළිගෙන උන්වහන්සේගේ සමාව අයදින විට අප පිළිගැනීමට දෑත් විවෘත කරගෙන කෙනෙක් සිටින සේක. “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය” යන ගීතය ගායනා කරන අය සමඟ අපටද එකතු විය හැකිය (1 පදය).