බයිබල් පරිවර්ථකයකු වූ ලිලී, ඇගේ මව් රට කරා ගුවනින් යන විට ඇයව ගුවන්තොටුපොළේ රඳවාගන්නා ලදී. ඇගේ ජංගම දුරකථනය පරික්‍ෂා කරන විට එහි තිබුණු නව ගිවිසුමේ ශ්‍රව්‍ය පිටපතක් එම නිලධාරින්ට හමු විය. ඔවුන් ඇගේ දුරකථනය රාජසන්තක කර පැය දෙකක කාලයක් ප්‍රශ්න කරන ලදී. එක් අවස්ථාවකදී එම ශුද්ධ ලියවිලි හඬපටිය ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් ඇයට කීවෝය. එම අවස්ථාවේදී එහි මතෙව් 7:1-2 පද ඇසෙන්නට විය, “නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.” එම වචන තමන්ගේම භාෂාවෙන් ඇසුණු කළ එක් නිලධාරියෙක් සුදුමැලිවුණේය. පසුව කිසිදු පියවරක් නොගෙන ඇයව නිදහස් කරන ලදී.

ගුවන්තොටුපොළෙහි සිටි එම නිලධාරියාගේ සිතෙහි කුමක් සිදුවුනේ දැයි අප නොදන්නා නමුත්, අප දන්නා එක් දෙයක් නම් “උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන (උන්වහන්සේගේ) වචන” උන්වහන්සේ කැමති දේ ඉටු කරන්නේය (යෙසායා 55:11). යෙසායා මෙම බලාපොරොත්තු ගෙන දෙන අනාවැකිය වහල් භාවයේ සිටි දෙවියන්වහන්සේගේ මිනිසුන් හට පැවසුවේය. වැස්ස සහ හිම නිසා පොළොව වැඩි වර්ධනය වනවා සේ ම, “උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන” දෙයින් උන්වහන්සේගේ අරමුණ ඉෂ්ඨ වන බවට සහතිකයක් ඔවුන්ට දෙන ලද්දේය (10-11 පද).

දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ස්ථිරතාවය වැඩිකරගැනීමට මෙම වචන අපට කියවිය හැකිය. ගුවන්තොටුපොළ නිලධාරීන් සමඟ ලිලී මුහුණ දුන්නා මෙන් පාලනය කළ නොහැකි අවස්ථාවන් වලට අප මුහුණ දෙන විට, අවසාන ප්‍රතිඵලය අප නොදුටුවත්, දෙවියන්වහන්සේ ක්‍රියාකරන බව අප විශ්වාස කරමු.