වැඩිහිටි නායකයකු ලෙස, මම බාධක තරණයකට ශිෂ්‍ය ක්‍ෂේත්‍ර චාරිකාවක් සූදානම් කළෙමි. ආරක්‍ෂිත ඇඳුම් පැළඳගෙන අඩි 8ක් උසැති තාප්පයක් නඟින්නට අපි සිසුන්ට උපදෙස් දුන්නෙමු. පළමුවෙන් ගිය අය, තමන්ගේ ආරක්‍ෂක පටි විශ්වාස කරමින් පහල බලන්නේ නැතිව ඉදිරියටම යන ලෙසට අනෙක් අය දිරිමත් කළෝය. තමන්ගේ ඉණ වටා පටි සහ ගාංචු තද කරන අවස්ථාවේ අපගේ එක් ශිෂ්‍යාවක් බාධකය දෙස බලා සිටියාය. “මට මේක කොහෙත්ම කරන්න බැහැ,” ඇය කීවාය. ඇගේ පටිවල ශක්තිය ගැන සහතික කරමින් අප ඇයව දිරිමත් කළ අතර, තාප්පය නැඟ ඉහළ වේදිකාවට ඈ පා තැබූ විට අපි ඔල්වරසන් දුන්නෙමු.

කිසිසේත් ජයගත නොහැකි යයි දැනෙන ප්‍රශ්න වලට අප මුහුණ දෙන විට, බිය සහ අනාරක්‍ෂිතබව නිසා සැකය මතු විය හැක. දෙවියන්වහන්සේගේ නොවෙනස්වන ශක්තිය, යහපත්කම සහ විශ්වාසවන්තකම පිළිබඳ සහතිකය, විශ්වාසයේ ආරක්‍ෂිත පටියක් මෙන් ක්‍රියාකරයි. මේ ස්ථිරතාවය, පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ගේ ධෛර්යය උද්දීපනය කළේය. දෙවියන්වහන්සේගේ සැළැස්මේ සියළු විස්තර දැනගැනීමට ඉහළින් අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරමු (හෙබ්‍රෙව් 11:1-13,39). දැඩි ඇදහිල්ලෙන් යුතුව අපි උන්වහන්සේව උවමනාවෙන් විශ්වාස කරන විට, බොහෝ අවස්ථාවලදී අපට තනිවම සිටගන්නට සිදුවනවා ඇත. අපගේ පීඩාවන් තාවකාලික ඒවා පමණක් බව දැනගෙන, සදාකාලික ඉදිරි දර්ශනයක් ඇතිව අපගේ බාධාවන් දෙස බලන කල, අපගේ අභියෝග වලට මුහුණ දෙන ආකාරය වෙනස් කළ හැක (13-16 පද).

ජීවිතයේ ප්‍රපාතාකාර අභියෝග දෙස අවධානය යොමුකරන විට, දෙවියන්වහන්සේ අපට ජය ගෙන දෙන බව විශ්වාස කිරීම වැළැක්වීමට ඉඩ ඇත. නමුත් උන්වහන්සේ අප සමඟ බව දැනගැනීමෙන්, කළ නොහැකි යයි සිතූ බාධක ජයගැනීමට උපකාර කරන පිණිස දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට අපගේ අවිනිශ්චිතතාවයන් උපයෝගි කරගත හැකිවේ.