2018 වසරේ කැලිෆෝනියා ලැව් ගින්න අතරතුර තම නිවසින් පැන යාමේදී, ගේබ් නම් උසස් පෙළ ශිෂ්‍යයෙකුට, ඔහු පුහුණු වෙමින් සිටි රට හරහා දිවීමේ තරඟයකට තම ප්‍රාන්තයේ තේරීම් තරඟය මඟහැරුණේය. මෙම තරඟයට සහභාගිවීමට නොහැකිවූ නිසා ඔහුට ජාතික තරඟයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත. එය වසර 4ක් පුරාවට ඔහුගේ ධාවන වෘත්තියේ අවසාන තරඟය වන්නට තිබුණි. ඔහු මුහුණ දුන් ආපදා තත්ත්‍වය ගැන සළකා මළල ක්‍රීඩා පාලක මණ්ඩලය ඔහුට තවත් අවස්ථාවක් දුන්නේය. ඔහුට තනිවම සුදුසුකම් ලැබීමේ කාලයක් ධාවනය කිරීමට සිදුවූ අතර, ඔහුගේ ධාවන සපත්තු නිවසේ සුන්බුන් අතර අළු බවට පත්වී තිබීම නිසා “වීදි සපත්තු” ඇඳගෙන, ප්‍රතිවාදී උසස් පාසැලක ධාවන පඨයක දුවන්න සිදුවිය. ඔහු “තරඟයට” පෙනී සිටි අවස්ථාවේ ගේබ් පුදුමයට පත්වුණේය. මන්ද, ඔහු සමඟ තරඟ කරන්නන් ඔහුට නියමිත සපත්තුද රැගෙන ඇවිත්, ජාතික තරඟයට ඇතුල්වීමට අවශ්‍ය වේගය පවත්වාගැනීම පිණිස ඔවුන්ද ඔහු අසලින් දුවන්න සූදානම්ව පැමිණ සිටී බැවිනි.

ගේබ්ගේ විරුද්ධවාදීන්ට ඔහුට උපකාර කිරීමට බැඳීමක් නොතිබිණ. තම ස්වභාවික ප්‍රවනතාවයට ඉඩ දී තමන් ගැන පමණක් බලා ගැනීමට තිබිණ (ගලාති 5:13). එසේ කිරීමෙන් ඔවුන්ට ජයග්‍රහනය කිරීමට ඇති අවස්ථාව වැඩිකරගැනීමට ඉඩ තිබිණ. නමුත් පාවුල් අපව උනන්දු කරන්නේ අපගේ ජීවිතවල ආත්මයාණන්ගේ ඵල ප්‍රදර්ශනය කරන ලෙසටයි. එනම් “ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න” සහ “කරුණාවන්තකම” සහ “යහපත්කම” නිරූපණය කරන ලෙසටයි (ගලාති 5:13,22). අපගේ ස්වභාවික බුද්ධි මත නොයැපී අපට උපකාර ලබණ පිණිස ආත්මයාණන්ට ඇළුණුවිට, අප අවට සිටින්නන්ට වඩාත් හොඳින් ප්‍රේමකිරීමට හැකි වනු ඇත.