ජෝන් හාපර් තම දියණියත් සමඟ ටයිටැනික් නැවට නැංග අවස්ථාවේ සිදුවීමට යන දේ පිළිබඳ කිසිදු අදහසක් තිබුණේ නැත. නමුත් ඔහු එක දෙයක් දැන සිටියා: ඔහු යේසුස්වහන්සේට ප්‍රේම කළ අතර අන් අයද උන්වහන්සේ හඳුනාගැනීම පිළිබඳ උද්යෝගයකින් සිටියේය. නැව අයිස් කන්දක හැපී ජලය ඇතුලට ගලාගෙන ආ විගසම, වැන්දඹුවෙක් වූ හාපර්, තම කුඩා දියණිය ජීවිතාරක්‍ෂක බෝට්ටුවකට දැම්මේය. ඉන්පසුව අවුල්වූ සෙනඟ අතරට ඔහු දිව ගියේ හැකි තරම් අයගේ ජීවිත බේරාගැනීම පිණිසය. ජීවිතාරක්‍ෂක කබා බෙදාහරින අතර “ස්ත්‍රීන්, දරුවන් සහ ගැළවීම ලබා නැති අය ජීවිතාරක්‍ෂක බෝට්ටුවලට දමන්න” කියා කෑගසනවා අන් අයට ඇසී ඇත. ඔහුගේ අන්තිම හුස්ම දක්වා, හාපර් ඔහු අවට සිටි අයට යේසුස්වහන්සේ ගැන කිවේය. ජෝන් අන් අය ජීවත් කරවන පිණිස කැමැත්තෙන් තම ජීවිතය පූජා කළේය.

වසර දෙදහසකට පෙර කෙනෙකු, මේ ජීවිතයේ පමණක් නොව සදාකාලයේ ජීවත්වන පිණිස, උන්වහන්සේගේ ජීවිතය නොමිලේ පූජා කළ සේක. යේසුස්වහන්සේ එක් දවසක් හදිසියේම ඇහැරී මනුෂ්‍යවර්ගයාගේ පාපය වෙනුවෙන් කුලිය ගෙවන්නට තීරණය කළේ නැත. මෙය උන්වහන්සේගේ ජීවිත මෙහෙවර විය. එක් අවස්ථාවක යුදෙව් නායකයින් සමඟ කථාකරමික් සිටියදී උන්වහන්සේ “මාගේ ප්‍රාණය දෙමි” කියා නැවත නැවතත් කීසේක (යොහන් 10:11,15,17,18). උන්වහන්සේ මෙම වචන කීවා පමණක් නොව ඇත්තෙන්ම කුරුසිය මත ඉතා කුරිරු මරණයක් තුළින් එම වචන අනුව ජීවත්වුන සේක. උන්වහන්සේ පැමිණියේ පරිසිවරුන්, ජෝන් හාපර් සහ අපට “ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය”(10පදය)