සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික විද්‍යාඥයකුගේ අවමංගල්‍ය උත්සවයේදී ඇල්බට් අයින්ස්ටයින් කළ ගුණකථනයකදී, ඔවුන් අතර තිබූ විද්‍යාත්මක ආරවුල් පිළිබඳ කථා කළේ නැත. ඒ වෙනුවට හෙන්ඩ්‍රික් ඒ. ලොරෙන්ට්ස් නම් භෞතික විද්‍යාඥයාගේ “නොවරදින කරුණාව” ගැන මතක් කළේය. ඔහු ගතකළ සරල ජීවිතය සහ සියල්ලන්ට සාධාරණව සැළකූ ආකාරය ගැනද ඔහු විස්තර කළේය. “හැමදෙනාම ඔහුව සතුටින් අනුගමනය කළා”, අයින්ස්ටයින් කීවේය “මන්ද ඔහු කිසි දිනක ඔවුන් පාලනය කිරීමට මාන නොබලා උපකාර වීමට කටයුතු කළ නිසාය.”

විශේෂයෙන්ම 1වන ලෝක යුද්ධයෙන් පසුව, ලොරෙන්ට්ස් විද්‍යාඥයින්ට දේශපාලනික පක්‍ෂවාදිකම් ඉවතලා එක්ව සේවය කිරීමට උනන්දු කළේය. අයින්ස්ටයින් තම සෙසු නොබෙල් ත්‍යාගලාභියා පිළිබඳ මෙසේ කීවේය: “යුද්ධය අවසන් වීමටත් පෙර, (ලොරෙන්ට්ස්) සමගි කිරීමේ ක්‍රියාවල නිරතවිය.”

සමගි කිරීම උදෙසා සේවය කිරීම සභාවේ සියළු දෙනාගේද අරමුණ විය යුතුයි. සමහර ගැටුම් වැළැක්විය නොහැකි බව සත්‍යයකි. එහෙත් සාමකාමී විසඳුම් වෙනුවෙන් අපගේ දායකත්‍වය ලබා දිය යුතුය. පාවුල් තුමා මෙසේ ලීවේය: “ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න” (එපීස 4:26). එක්ව වර්ධනය වීමට නම්, පාවුල් තුමාගේ උපදෙස වූයේ “ඔබ සැමගේ මුඛයෙන් කිසි දුෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනයවීම සඳහා යහපත් දේම කියන්න”(29 පදය) යනුවෙනි.

අවසාන වශයෙන් පාවුල් කීවේ “සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා. ඔබ සැම එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබ සැමට කමාවුණ ලෙසම ඔබ සැමත් එකිනෙකාට කමාවෙන්න”(31-32පද). අපට හැකි හැම අවස්ථාවකදීම ගැටුම්වලින් ඉවත්වූ විට දෙවියන්වහන්සේගේ සභාව ගොඩනැගීමට එය උපකාරී වේ. මෙයින් අප උන්වහන්සේට සැබවින්ම ගෞරව දක්වන්නෙමු.