1914දී පළමු ලෝක මහ යුද්ධය ආරම්භ වූ විට බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික ශ්‍රීමත් එඩ්වඩ් ග්‍රේ “යුරෝපය පුරා ආලෝකයන් නිවී යන්නේය; ඒවා නැවත පත්තුවෙනවා අපගේ ජීවිත කාලය තුළ නොදකිණු ඇත.” යයි ප්‍රකාශයක් කළේය. ග්‍රේ නිවැරදි ය. “සියලු යුද්ධ අවසන් කරන්නට යුද්ධය” අවසාන වූ විට, මිලියන 20ක ජනතාවක් මිය ගොස් (ඔවුන්ගෙන් මිලියන 10ක් සිවිල් වැසියන්), තවත් මිලියන 21ක් තුවාල ලබා සිටියේය.

එකම පරිමාණයෙන් හෝ විශාලත්‍වයකින් නොවුනත්, අපගේ පුද්ගලික ජීවිත වලද විනාශ ඇතිවිය හැක. අපගේ නිවස, රැකියා ස්ථානය, සභාව හෝ අසල්වාසී පළාත්වල ගැටුම්වල අඳුරු වළාවෙන් අපගේ ජීවිතය පිරී යා හැකිය. ලෝකයේ වෙනසක් සාදන්නන් වන පිණිස දෙවියන්වහන්සේ අපව කැඳවීමට එක් හේතුවක් මෙය යි. නමුත් එසේ කරණ පිණිස අපි උන්වහන්සේගේ ප්‍රඥාව මත යැපිය යුතුයි. අපොස්තුලු යාකොබ් ලියා ඇත්තේ “නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ. තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.” (යාකොබ් 3:17-18) යන්නය.

සමාදානය කරන්නාගේ භූමිකාව වැදගත් වන්නේ එහි අස්වැන්න නිසාය. ධර්මිෂ්ඨකම යන්නෙහි අර්ථය වන්නේ “නිවැරදි ස්ථාවරත්‍වය” හෝ “නිවැරදි සම්බන්ධතාවය” යි. සමාදානය කරන්නන්ට සම්බන්ධතා නැවත පිහිටුවන්නට උපකාර කළ හැකිය. “සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.” (මතෙව් 5:9) කියා යේසුස්වහන්සේගේ කියමන පුදුමයක් නොවේ. උන්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ ප්‍රඥාව මත යැපී, අවශ්‍යම ස්ථානවල සමාදානයේ උපකරණ වන්නේය.