විකීගේ පරණ කාරය නැවත සෑදීමට නොහැකි ලෙස අකර්මණ්‍ය වූ විට ඇය අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා ටිකෙන් ටික මුදල් එකතු කරන්නට පටන්ගත්තාය. විකී රැකියාව කළේ, වාහනයෙන් නොබැසම ආහාර මිලදී ගත හැකි කවුන්ටරයකය. ඇයට වාහනයක් අවශ්‍ය බව කියනවා, එහි නතරම යන එන ක්‍රිස් ට ඇහුණේය. “මට ඒ ගැන නොසිතා ඉන්න බැරිවුනා” ක්‍රිස් පැවසුවේය. “මට මොකක් හරි කරන්නම සිතුණා.” ඔහුගේ පුතා තම පැරණි කාරය විකීණීමට දමා තිබුණ හෙයින් ඔහු එය මිලදී ගෙන එය හොඳින් ඔප දමා එහි යතුරු විකී අතට දුන්නේය. විකී පුදුම වූවාය. “කවුද ඒ වගේ දේවල් කරන්නෙ?” ඇය විශ්මයෙන් සහ කෘතඥතාවයෙන් පැවසුවාය.

බයිබලය අපව කැඳවන්නේ විවෘත දෑතින් සිටින පිණිසත්, අපට හැකි පමණින් දෙන පිණිසත්ය. එසේ කළ යුත්තේ අවශ්‍යතා ඇති අයට සැබවින්ම හොඳම දේ සැපයීම තුළිනි. පාවුල් කියා ඇති පරිදි “මේ ලෝකයේ ධනවතුන්ට ….. යහපත කරන්ටත්, යහපත් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත් ….. අණ කරන්න” (1 තිමෝති 6:17-18). අපි එතැන හෝ මෙතැන කරුණාවන්ත ක්‍රියාවන් කරනවා වෙනුවට ප්‍රීතිමත් ස්වභාවයකින් දීමේ ජීවිතයක් ගත කළ යුතුයි. ලොකු හදවතක් ඇතිව සිටීම අපගේ සාමාන්‍ය ජීවිත රටාව වන්නේය. “ත්‍යාගවන්තව, බොදාදීමට ලැදිව සිටින්ටත්…” (18 පදය) යැයි අපට කියා ඇත්තේය.

විවෘත ත්‍යාගශීලි හදවතක් ඇතිව අප ජීවත්වන විට, අපට උවමනා කරන දේ මදි වෙයි කියා බියවන්නට අවශ්‍ය නැත. ඒ වෙනුවට, බයිබලය කියන්නේ, අපගේ සානුකම්පිත ත්‍යාගශීලී භාවය තුළින් අප “ජීවනයවූ ඒ ජීවනය”(19පදය) අල්ලාගන්නා බවය. දෙවියන්වහන්සේ සමඟ, අව්‍යාජ ජීවිතයක් යනු අපගේ වස්තු ග්‍රහණයෙන් ලිහිල් කර, නිදහස්ව අන් අයට දීමය.