ඔහු රළු, විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකි. ඔහුගේ භාෂාවද එසේමය. එක් දිනක් මිතුරෙක් ඔහු ගැන සළකා ඔහුගේ ආත්මික විශ්වාසයන් ගැන විපරම් කළේය. ඔහු ප්‍රතික්‍ෂේපවූ ස්වභාවයෙන් ඉක්මණින් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට මා වාගේ මිනිසෙකුට ඉඩක් නැත” යි කීවේය.

සමහර විට එය ඔහුගේ දැඩි ගතිය නිසා විය හැකි නමුත් ඔහුගේ වචන කිසිසේත්ම සත්‍යය නොවේ. රළු, දැඩි, වැරදි නිසා තමන්ට දොස් කියාගන්නා අය සහ සමාජයෙන් බැහැර කරන ලද අය වෙනුවෙන් දෙවියන්වහන්සේ විශේෂයෙන් ඉඩ සාදා උන්වහන්සේගේ සමාජයට ඇතුල් කරගන්නා සේක. එය යේසුස්වහන්සේගේ සේවයේ ආරම්භයේ සිට පැහැදිලිව තිබූණේ උන්වහන්සේ තම ගෝළයන් වන පිණිස පුදුමාකාර අය තෝරාගැනීමත් සමඟය. පළමුව, උන්වහ්නසේ ගලීලයෙන් ධීවරයන් තෝරාගත් සේක. යෙරුසලමේ ජීවත්වූ අයගේ තේරීම අනුව එය සමාජයේ වැරදි පැත්තක්ය. එමෙන්ම උන්වහන්සේ මතෙව් නමින් බදු අයකරන්නෙක්ද තෝරාගත් සේක. ඔහුගේ රැකියාවට පීඩිත ගම්මුන් සූරා කෑමත් ඇතුල් විය. ඊළඟට, කණ්ඩායම සම්පූර්ණ කිරීමට උන්වහන්සේ තවත් සිමියොන් කෙනෙකු තෝරාගත්සේක. ඔහු ඡ්වලිතයෙක් විය (මාක් 3:18).

අපි ඒ සිමියොන් ගැන වැඩිපුර නොදන්නා නමුත් ඔහු සීමොන් පේතෘස් නම් නොවේ. අපි ඡ්වලිතයන් ගැන දන්නෙමු. ඔවුන් මතෙව් වැනි පාවාදෙන්නන්ට ද්වේශ කළෝය. මන්ද හෙළා දකින ලද රෝමවරුන්ට සහයෝගය දීමෙන් ඔවුන් පොහොසත් වුන නිසාය. එහෙත් දිව්‍ය පරස්පරවිරෝධී භාවය තුළ යේසුස්වහන්සේ මතෙව් සමඟ සිමියොන් තෝරාගෙන, ඔවුන් එකට එක් කර, උන්වහන්සේගේ කණ්ඩායමට මුසු කළ සේක.

යේසුස්වහන්සේට “නරක වැඩියි” කියා කිසිවෙක් අහක නොදමන්න. මන්ද, උන්වහන්සේ කියා තිබෙන්නේ “පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැඳවන්ට මම නාවෙමියි ” (ලූක් 5:32) යනුවෙන් ය. ඔබත් මාත් වැනි අමාරුකාරයන් සඳහා උන්වහන්සේට ඔනෑ තරම් ඉඩ ඇත්තේය.