එල් සැල්වදෝර් දේශය යේසුස්වහන්සේට ගෞරව පිණිස එහි අගනුවර මධ්‍යයේ උන්වහන්සේගේ මූර්තියක් තබා ඇත. මෙම මූර්තිය ගමනාගමනය කාර්යබහුල වටරවුමක පිහිටා තිබුණත්, එහි උස හේතුවෙන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එයට දී තිබුණු නම – ලෝකයේ දිව්‍ය ගැළවුම්කරුවාණන් – උන්වහන්සේගේ අධිස්වාභාවික තත්ත්‍වයට ගෞරවයක් සංනිචේදනය කළේය.

මෙම මූර්තියේ නම, බයිබලයේ යේසුස්වහන්සේ පිළිබඳ පවසන දේ ස්ථිර කරයි (1 යොහන් 4:14). සියල්ලන්ටම ගැළවීම දෙන්නේ උන්වහන්සේ යි. යේසුස්වහන්සේ සංස්කෘතික මායිම් බිඳදමමින් උන්වහන්සේ දැන ගැනීමට උවමනා කරන ඕනෑම කෙනෙකුව භාරගන්නා සේක. එයට වයස, අධ්‍යාපනය, ජනවාර්ගිකත්‍වය, අතීත පාප හෝ සමාජ තරාතිරම බලපාන්නේ නැත.

පාවුල් අපොස්තුලුතුමා පුරාණ ලෝකය පුරා ගමන්කරමින් යේසුස්වහන්සේගේ ජීවිතය, මරණය සහ නැවත නැඟිටීම පිළිබඳ කියාදුන්නේය. එතුමා මෙම ශුභාරංචිය දේශපාලනික සහ ආගමික බලධාරීන්, සොල්දාදුවන්, යුදෙව්වන්, අන්‍යජාතීන්, පුරුෂයින්, කාන්තාවන් සහ දරුවන් සමඟ බෙදාගත්තේය. “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ” යයි ප්‍රකාශකරමින්, දෙවියන්වහන්සේ සැබවින්ම එතුමන්ව මරණින් නැඟිටවූ බව විශ්වාස කිරීමෙන්, යම් කෙනෙකුට යේසුස්වහන්සේ සමඟ සම්බන්ධතාවක් ආරම්භ කිරීමට හැකි බව පාවුල්තුමා පැහැදිලි කළේය (රෝම 10:9). “උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලඡ්ජාවට නොපැමිණෙන්නේය …… ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය” (11,13 පද) කියා එතුමා කීවේය.

යේසුස්වහන්සේ, ගෞරවය ලබන පිණිස ඈතින් තබා ඇති රූපයක් නොවේ; ඇදහිල්ල තුළින් උන්වහන්සේ සමඟ කිට්ටු පුද්ගලික සම්බන්ධතාවයක් අපට තිබිය යුතුයි. උන්වහන්සේ දෙන ගැළවීමේ වටිනාකම දැක අද දින උන්වහන්සේ සමඟ ආත්මික සම්බන්ධතාවයක් පිණිස ඉදිරියටම ගමන් කරමු.