17වෙනි සියවසෙහි මාටින් රින්කාර්ට්, ජර්මනියේ සැක්සොනි නගරයේ යුද්ධ සහ වසංගත කාළයේ වසර 30කට වඩා වැඩි කාලයක් දේවගැතිවරයෙකු ලෙස සේවය කළේය. එක් වසරක එතුමා අවමංගල්‍ය උත්සව 4000කට වඩා වැඩි ප්‍රමාණයක්, තම භාර්‍ය්‍යාවගේ ඇතුලුව, පැවැත්වුයේය. සමහර අවස්ථාවල ආහාර හිඟකම හේතුවෙන් එතුමාගේ පවුලට බඩගින්නේ සිටින්නට සිදුවිය. කළකිරීමට පත්විමට ඉඩතිබුණද, එතුමා දෙවියන්වහන්සේ තුළ තිබූ ඇදහිල්ල ස්ථිරව තබාගනිමින් නොකඩවා ස්තුති කළේය. ඇත්තෙන්ම එතුමාගේ කෘතඥතාවය “නුන් ඩැන්කට් ඇල්ලේ ගොට්” යන ගීතයට යොමු කළේය. පසුව මෙම ගීතය “තුති ගී දෙමු දැන්” යන ඉතාම ප්‍රේමණීය ඉංග්‍රීසි ගීතිකාවක් බවට පත් විය.

රින්කාර්ට්, යෙසායා අනාගතවක්තෘ තුමාගේ ආදර්ශය අනුගමනය කළේය. ඔහු දෙවියන්වහන්සේගේ සෙනඟට නිරන්තරයෙන්ම ස්තුති දෙන ලෙසට උපදෙස් දුන්නේය. ඔවුන් දෙවියන්වහන්සේව කණගාටුවට පත් කළ අවස්ථාවලදී හෝ සතුරන් ඔවුන්ට පීඩා කළ අවස්ථාවලදීද එසේ කරන ලෙසට එතුමා උපදෙස් දුන්නේය (යෙසායා 12:1). ඒ අවස්ථාවලදීද ඔවුන් “උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා” (4වන පදය) දෙවියන්වහන්සේගේ නාමය උසස් කළ යුතුව තිබිණ.

ස්තුතිදීමේ උත්සවය වැනි අස්වැන්න සමරන කාලවලදී අපගේ පවුලේ අය සහ මිතුරන් සමඟ සුපිරි භෝජන භුක්ති විඳින විට ඉතා පහසුවෙන්ම ස්තුතිදෙන්නට අපට පුළුවන. නමුත් අපහසුතා මධ්‍යයෙන් ගමන් කරන විට, පවුලේ කෙනෙකු අප සමඟ මේසයට වාඩි නොවූ විට, මුදල් අගහිඟකම් ඇති විට හෝ අපට කිට්ටු කෙනෙක් සමඟ ආරවුලක පැටලී සිටින විට දෙවියන්වහන්සේට අපගේ කෘතඥතාවය පුද කිරීමට හැකිද?

දේවගැති රින්කාර්ට් සමඟ එකතුවී, අපගේ හඬ සහ හදවත් එකතු කරමින් “පොළොව සහ ස්වර්ගය නමස්කාර කරන සදාකාලික දෙවියන්වහන්සේට” අපට “ස්වාමින්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක” (5පදය) යයි කිව හැකිය.