මෑතකදී මම මිතුරන් කණ්ඩායමක් සමඟ එකතුවුනෙමි. මම කථාබහට සවන් දෙමින් සිටියදී එම කාමරය තුළ සිටි සෑම කෙනෙක්ම සැළකිය යුතු අරගලයකට මුහුණ දෙමින් සිටින බව මට දැණුනා. අප දෙදෙනෙකුගේ දෙමව්පියන් පිළිකාව සමඟ සටන්කරමින් සිටියා, එක්කෙනෙකුගේ දරුවාට ආහාර ගැනීමේ අක්‍රමිකතාවත් තිබුණා, තවත් මිතුරෙක් දැඩි වේදනාවකින් පෙලුනා, තවත් කෙනෙකුට දරුණු සැත්කමකට මුහුණ දීමට තිබුණා. වයස අවුරුදු තිහ සහ හතලිස් ගණන්වල සිටි කණ්ඩායමකට මෙය ඉතාම විශාල බරක්ව තිබුණි.

1 ලේකම් 16 වන පරිච්ඡේදයේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට (යෙරුසලමට) ගෙන ඒමේ වැදගත් මොහොතක් මතක් කරදෙයි. යුද්ධ අතර පැවති සාමයේ මොහොතක එය සිදුවූ බව සාමුවෙල් අපට පවසන්නේය (2 සාමුවෙල් 7:1). ගිවිසුම් පෙට්ටිය, දෙවියන්වහන්සේගේ වැඩසිටීම සංඛේතවත් කරමින් නියමිත ස්ථානයේ තැබූ විට, දාවිත් ගීතයකින් සෙනඟට මඟපෙන්වූයේය (1 ලේකම් 16:8-36). දෙවියන්වහන්සේගේ පුදුමාකාර බලය, උන්වහන්සේගේ පොරොන්දු රකින මාර්ග සහ අතීතයේ උන්වහන්සේගේ රැකවරණය පිළිබඳ සෙනඟ එකතුව ගායනා කළේය (12-22පද). ඔවුන්ට එසේ කිරීමට අවශ්‍ය විය, මන්ද තවත් යුද්ධ ඔවුන් ඉදිරියේ තිබිණ.

ස්වාමින්වහන්සේද උන්වහන්සේගේ බලයද ගැන විමසව්. රෝගය, පවුලේ කරදර සහ වෙනත් ගැටළු අප ඉදිරියේ තිබෙන විට මෙය අනුගමනය කරන්නට අයහපත් උපදේශයක් නොවේ. මන්ද අපගේ වැහැරීයන ශක්තියෙන් ඒවා සමඟ සටන් කරන්නට අප තනිවී නැත. දෙවියන්වහන්සේ අප සමඟය; දෙවියන්වහන්සේ ශක්තිමත්ය; උන්වහන්සේ අපව අතීතයේ රැකබලාගත්සේම ඉදිරියේදීද එසේ කරන සේක. අපගේ දෙවියන්වහන්සේ අපව ගෙන යන සේක.