මාගේ මවත්, සහෝදරියනුත් සමඟ මමද මාගේ පියාගේ ඇඳ ලඟ සිටගෙන ඔහුගේ හුස්ම ගැනීම ටිකෙන් ටික අඩුව ගොස් අවසානයේ එය නැවතෙනවා බලා සිටියෙමු. මගේ පියා වයස 89ට පා තබන්නට තව දවස් කීපයක් තිබියදී දෙවියන්වහන්සේ වෙතට නිහඬවම ගියේය. ඔහුගේ වියෝව හේතුවෙන් අප තුළ හිස්බවක් ඉතිරිව තිබුණි. දැන් අපට ඉතිරිව තිබුණේ මතකයන් සහ සිහිවටන පමණි. එහෙත් කවදාහෝ අපි නැවත එක්වන බවට අපට බලාපොරොත්තුවක් තිබෙනවා.

අපට එම බලාපොරොත්තුව තිබෙන්නේ අපගේ පියා, ඔහුට ප්‍රේම කරන, ඔහුව හොඳින් හඳුනන දෙවියන්වහන්සේ සමඟ බව අප විශ්වාස කරන නිසාය. අපේ පියා ඔහුගේ පළමු හුස්ම ගත් අවස්ථාවේ දෙවියන්වහන්සේ එතැන සිටිමින් ඔහුගේ පෙනහළු වලට හුස්ම හෙලූ සේක (යෙසායා 42:5). එහෙත් ඔහුගේ පළමු හුස්මටත් පෙර සිට ඉන් පසුව ගත්තාවූ සෑම හුස්මක් තුළම දෙවියන්වහන්සේ මගේ පියාගේ ජීවිතයේ සෑම මොහොතකම ඉතාම සමීපව සම්බන්ධ වී සිටි සේක. උන්වහන්සේ ඔබගේ සහ මගේ ජීවිතයේත් එලෙසම සම්බන්ධවී සිටින සේක. ඔහුව ගර්භාෂය තුළ පුදුම සහගත ලෙස එකට “ගෙතූවේ” දෙවියන්වහන්සේ ය (ගීතාවලිය 139:13-14). එසේම මගේ පියා ඔහුගේ අවසාන හුස්ම හෙලූ අවස්ථාවේ, දෙවියන්වහන්සේගේ ආත්මය එතැන සිට, ඔහුව ප්‍රේමයෙන් වෙලාගෙන උන්වහන්සේ සමඟ වසන පිණිස ඔසවාගෙන යනු ලැබුවේය (7-10 පද).

දෙවියන්වහන්සේගේ සියළුම දරුවන්ට මෙය එසේම සිදුවන්නේය. අප මේ පොළොව මත ගත කරන කෙටි ජීවිත කාලයේ සෑම මොහොතක්ම උන්වහන්සේ දන්නා සේක (1-4 පද). උන්වහන්සේට අපව බොහෝ සෙයින් වටිනවා ඇත. ඉතිරිව ඇති සෑම දවසකම, එතෙර ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් යුක්තව, අපිත් “හුස්ම ඇති සියල්ලන්” සමඟ උන්වහන්සේට ප්‍රශංසා කරන්නට එකතු වෙමු. “දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා”! (150:6).