නිවාස නැති අයගේ නිවහනකට අප ඇතුල් වූ විට එහි තිබූ පරිත්‍යාග කරන ලද සපත්තු ගොඩවල් දෙස අපේ නෙත් ඇදී ගියේය. එහි අධ්‍යක්‍ෂතුමා අපගේ තරුණ කණ්ඩායමට ආරාධනා කර තිබුණේ පාවිච්චි කරන ලද සපත්තු ගොඩවල් තෝරා වෙන් කිරීමට උපකාර කරන ලෙසටයි. අපි මුළු උදය වරුවම ගත කළේ සපත්තු ජෝඩු සොයන්නට සහ කොන්ක්‍රීට් පොළොවේ ඒවා පේළියට රැස්කර තැබීමටයි. දවස අවසානයේ අපිට ඒ සපත්තු වලින් භාගයකට වඩා ඉවත් කර දමන්ට සිදුවුනේ ඒවා තවත් කෙනෙකුට පාවිච්චි කරන්නට බැරි තරම් දිරාපත් වී තිබූ බැවිනි. එම නිවහනට මිනිසුන් දුර්වල ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම නවත්වන්නට බැරි වූවත්, දුර්වල තත්ත්‍වයක තිබූ සපත්තු බෙදාහරින්නට ඔවුන් අකමැති වූයේය.

ඊශ්‍රායෙල් වරුන්ද ඔවුන්ගේ පළුදුවූ දේ දෙවියන්වහන්සේට දීම සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ දුන්නේය. මලාකි අනාගතවක්තෘතුමා තුළින් දෙවියන්වහන්සේ කථා කළ විට, පූජාකිරීමට ශක්තිමත් සතුන් සිටියදීත් ඔවුන් අන්ධ, කොර හෝ රෝගීවූ සතුන් පූජාකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට තරවටු කළ සේක (මලාකි 1:6-8). තමන්ගේ අප්‍රසාදය පල කරමින් (10පදය), උන්වහන්සේගේ වටිනාකම තහවුරු කරමින්, හොඳම දේ තමන්ටම තබාගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට තරවටු කළ සේක (14 පදය). නමුත් දෙවියන්වහන්සේ මෙසියස්වහන්සේ එවන බවත් පොරොන්දු වුන සේක. එතුමාගේ ප්‍රේමය සහ අනුග්‍රහය ඔවුන්ගේ හදවත් පරිවර්තනය කර උන්වහන්සේට ප්‍රියමනාප වන පූජාවන් ඔප්පු කරන්නට ආශාවක් ඔවුන්ගේ සිත් තුළ ඇති කරන සේක (3:1-4).

සමහර අවස්ථාවන් වලදී, අපගේ ඉතිරිවූ දේ දෙවියන්වහන්සේට දෙන්නට අපට පෙළඹවීමක් ඇති විය හැක. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන අතර උන්වහන්සේ අපට හැම දෙයක්ම දෙයි කියා අප බලාපොරොත්තු වනවා. එහෙත් අපි උන්වහන්සේට පූජාකරන්නේ අපගේ ඉතිරිවූ දේ පමණි. දෙවියන්වහන්සේ කර ඇති සියලු දේ සළකා බලන කල, උන්වහන්සේගේ වටිනාකම ප්‍රීතියෙන් සමරමින් අපගේ හොඳම දේ උන්වහ්නසේට දෙන්නට හැකි වනු ඇත.