රැල්ෆ් කඳුළු සළමින් බිමට වැටෙනවා උද්‍යාන සේවිකාවක් වන ජේන් දැක උදව් කිරීමට එහි දිව ගියාය. රැල්ෆ් ඕටිසම් රෝගයෙන් පෙළුණු තරුණයෙකි. ඔහු දවස පුරා බලා සිටි කතුරු ඔංචිල්ලාව කැඩුණ නිසා ඔහු හඬමින් සිටියේය. ඔහුව ඉක්මණින් කෙළින් සිටගැනීමට සළස්වන්නේ හෝ ඔහුව සැනසීමට කිසිවක් හෝ කියන්නේ නැතුව ජේන්ද ඔහු සමග බිම වාඩිවී ඔහුගේ හැඟීම්වලට වලංගුතාවයක් දෙමින් ඔහුට හැඬීමට ඉඩ හැරියාය.

ජේන්ගේ ක්‍රියාව දුක් විඳින හෝ වේදනා විඳින අයට සහයෝගය දීම පිළිබඳ මනහර උදාහරණයකි. ඔහුගේ නිවස නැතිවී ඔහුගේ සත්ව රැළ (ඔහුගේ ආදායම) නැතිවී ඔහුගේ සෞඛ්‍ය නැතිවී අවසානයේ ඔහුගේ දරුවන් දස දෙනාද නැතිවී ගිය පසු යෝබ්ව අඩපණ කළ දුක ගැන බයිබලය පවසයි. යෝබ්ගේ මිතුරන් ඔහුගේ දුක දැන ගත් කල ඔව්හු “තමුන්ගේ ස්ථානවල සිට ….. ඔහු සනසන පිණිස” (යෝබ් 2:11) ආවෝය. යෝබ් වැලපෙමින් බිම වාඩිවූයේය. මිතුරන් පැමිණි කල ඔව්හුද යෝබ් සමග බිම වාඩිවූවෝය. ඔහුගේ වේදනාවේ ගැඹුර දුටු ඔව්හු දින හතක් කිසිවක් කථා නොකර සිටියහ.

ඔවුන්ගේ මනුෂ්‍යකම නිසා යෝබ්ගේ මිතුරෝ පසුව ඔහුට සංවේදී නැති උපදෙස් ලබා දුන්නෝය. නමුත් පළමු දින හත තුළ වචනයෙන් කිව නොහැකි ඔවුන්ගේ අභිමුඛය ඔහුට ලබා දුන්හ. අපට කෙනෙක්ගේ දුක නොතේරිය හැකිය. නමුත් ඔවුන් සමග සිටිමින් ඔවුන්ට ප්‍රේමය දැක්වීමට සියල්ල තේරුම් ගැනීමට අවශ්‍ය නොවේ.