හෙයිඩී සහ ජෙෆ් උණුසුම් කාලගුණයක් ඇති පිටරටක ව්‍යාපෘතියකට ගොස් නැවත පැමිණ මිචිගන් ප්‍රාන්තයේ තම පවුලේ මහ ගෙදර අසල මාස කිහිපයකට පදිංචි වූහ. ඒ ශීත සෘතුව ආසන්න කාලයකදීය. ඔවුන්ගේ දරුවන් දස දෙනාගෙන් බොහෝ අය ප්‍රථමවරට හිම පතනයේ ස්වාභාවික සෞන්දර්යය දකිනු ඇත.

නුමුත් මිචිගන්හී ශීත සෘතුවට කබා, කලිසම්, සපත්තු යනාදි බොහෝ උණුසුම් ඇඳුම් අවශ්‍ය වේ. විශාල පවුලකට ඉදිරි ශීත මාසවලට ඇඳුම් මිළදී ගැනීම ඉතා විශාල වියදමක් වනු ඇත. නුමුත් දෙවියන්වහන්සේ සියල්ල සැපයූ සේක. පළමුවෙන් අසල්වැසියෙකු සපත්තු රැගෙන ආවේය. ඊට පසු හිම කලිසම්, ඊළඟට තොප්පි සහ අත්වැසුම් යනාදිය ලැබුණේය. සභාවේ මිතුරෙක් විසින් පවුලේ සාමාජිකයන් දොළොස් දෙනාට විවිධ උණුසුම් ඇඳුම් එක් එක් ප්‍රමාණයෙන් එකතු කරන්න යැයි සභාවේ අයට කීවේය. හිම පැමිණෙන විට පවුලේ සියලු දෙනාට අවශ්‍ය සියල්ල තිබුණි.

දෙවියන්වහන්සේට අප සේවය කරන එක් ක්‍රමයක් නම් අවශ්‍යතා ඇති අයට සැපයීමය. 1 යොහන් 3:16-18 දක්වා අපව උනන්දු කරන්නේ අපගේ බහුලත්වයෙන් අන් අයට උපකාර කරන ලෙසය. සේවය කරද්දී අපි ප්‍රේම කරන්න සහ යේසුස්වහන්සේ මෙන් සෙනගව දකින්න පටන් ගෙන අපට තව තවත් යේසුස්වහන්සේ මෙන් වන්න එය උපකාර වන්නේය.

දෙවියන්වහන්සේ බොහෝ විට අවශ්‍යතා සම්පූර්ණ කිරීමටද යාච්ඤා වලට පිළිතුරු දීමටද තම දරුවන් භාවිතා කරන සේක. අපි අන් අයට සේවය කරන විට අපගේ හදවත් දිරිමත් වන්නේ අපි සේවය කරන අයව දිරිමත් කරන හෙයිනි. එහි ප්‍රතිඵලයක් ලෙසට දෙවියන්වහන්සේ නව ආකාරයකින් සේවය සඳහා අපව සන්නද්ධ කරන නිසා අපගේ ඇදහිල්ලද වර්ධනය වන්නේය.