තමා නත්තල් තෑගී ගැනීමට වියදම් කරනවා වැඩි යයි මවකට දැණුනි. ඒ හෙයින් එක වසරකදී ඇය වෙනත් දෙයක් කිරීමට තීරණය කළාය. නිවාඩුවට මාස කිහිපයකට පෙර ඇය සේල් වල ඇති වැඩි මිළක් නැති පාවිච්චි කරන ලද දේවල් සොයා ගියාය. ඇය අඩු මුදලකට බොහෝ ප්‍රමාණයක් ගත්තාය. නත්තලට පෙර දින ඇගේ දරුවෝ උද්‍යයෝගයෙන් තෑග්ගෙන් තෑග්ග ගළවා බැලුවෝය. ඊළඟ දවසේ තවත් තිබුණි. දරුවෝ නැවත ඒවා දිග හැරියත් ඉක්මණින්ම චෝදනා කරන්න පටන් ගත්තේය. “තවත් දිග හරින්න අපිට බැහැ. ඔබ අපට ඕනැවටත් වඩා දී තිබේ” යයි කීහ. නත්තල් උදෑසනක සාමාන්‍යයෙන් දරුවන් එසේ කියන්නේ නැත.

දෙවියන්වහන්සේ අපට බොහෝ ආශිර්වාද කර ඇත. නමුත් සෑම විටම අපි තවත් වැඩියෙන් සොයන බව පෙනේ. වඩා විශාල ගෙයක්, හොඳ මෝටර් රථයක්, වඩා විශාල බැංකු ගිණුමක් හෝ (හිස් තැන පුරවා ගන්න). තිමෝති තම සමූහනයේ අයට මතක් කළේ “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවෙත් නැත. එයින් අපට කිසිවක් ගෙනයන්නත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමුව” (1 තිමෝති 6:7-8) යනුවෙනි.

අපගේ අවශ්‍යතා සැපයීමට අමතරව දෙවියන්වහන්සේ අපට හුස්මද ජීවිතයද දී තිබේ. උන්වහන්සේගේ ත්‍යාග වලින් සන්තෝෂ වී ලත් පමණීන් සතුටු වී “ඔබවහන්සේ අපට මෙතරම් දී තිබේ. අපට තවත් අවශ්‍ය නැත” යයි කීමට හැකි නම් කෙතරම් අනර්ඝද? “ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්ය” (6 පදය).