ෆිලඩෙල්ෆියා ඊගල් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක කාර්සන් වෙන්ට්ස් දරුණු තුවාලයක් සුවවී නැවත ක්‍රීඩාවට අවතීර්ණ වූ විට කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙක් වන නික් ෆෝල්ස් ඉතා සතුටින් පිටතට ආවේය. ඔවුන් දෙදෙනා එකම ස්ථානයක තරඟ කලද ඔවුන් එකිනෙකාට උපකාර කර ගෙන තම භූමිකා ගැන ස්ථීර කමින් සිටියේය. එක් වාර්තාකරුවෙකු නිරීක්‍ෂණය කළේ ක්‍රිස්තුස්වහන්සේ තුළ මුල් බැස ඇති අසමසම සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනාටම තිබූ බවයි. එය පෙන්නුම් වූයේ ඔවුන් දෙදෙනා එකිනෙකාට අඛණ්ඩව යාච්ඤා කිරීම තුළිනි. අන් අය බලා සිටිද්දී ඔවුන් දෙදෙනා දෙවියන්වහන්සේට ගෞරවය ගෙන ආවෝය. ඒ තමන් එකම කණ්ඩායමේ බව මතක් කර ගැනීමෙන් පමණක් නොව එනම් ඊගල්ස් කණ්ඩායමේ පසු පෙළ ක්‍රීඩකයන් ලෙස නොව යේසුස්වහන්සේව නියෝජනය කරන ඇදහිලිවතුන් ලෙසය.

අපෝස්තලු පාවුල් ඇදහිලිවතුන්ට මතක් කරන්නේ යේසුස්වහන්සේගේ නැවත පැමිණීම අපේක්‍ෂාවෙන් ආලෝකයේ පුත්‍රයන් ලෙස ජීවත් වන ලෙසටයි (1 තෙසලෝනික 5:5-6). අපගේ බලාපොරොත්තුව ක්‍රිස්තුස්වහන්සේ දී ඇති ගැළවීම තුළ රැකගෙන ඊර්ෂ්‍යාව, අනාරක්‍ෂිත භාවය, බිය හෝ සතුරුකම ඉවතට විසි කර ඒ වෙනුවට “එකිනෙකාට අවවාද කර වර්ධනය වන” (11 පදය) ලෙසටය. දෙවියන්වහන්සේට ගෞරවය දෙන ආත්මික නායකයන්ට ගරු කරමින් සාමයෙන් ජීවත්වීමට අපට හැකිය. අප එකට එකතුව සේවය කරන්නේ එකම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමටය. එනම් අන් අයට ශූභාරංචිය පවසා යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට එකිනෙකා දිරිමත් කිරීමෙනි (12-15 පද).

අප එකම කණ්ඩායමේ සේවය කරන හෙයින් අපට පාවුල්ගේ අණට කීකරු විය හැකිය: “නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය” (16-18 පද).