යුවළකගේ බැංකු ගිණුමට ඩොලර් 120,000 ක් තැන්පත් වුනි. ඔවුන් දෙදෙනා සාප්පු සවාරියේ ගියහ. ඔව්හු බිල්පත්ද ගෙවා දමා ජීප් රියක්ද තවත් වාහන තුනක්ද ගත්තෝය. බැංකුව වැරැද්ද සොයා ගත් පසුව මුදල් නැවත ගෙවන්න යයි ඔවුන්ට දන්වා සිටියේය. අවාසනාවකට ස්වාමිපුරුෂයා සහ භාර්යයාව සියල්ල වියදම් කර තිබුණි. වංචාව සහ සොරකම යටතේ ඔවුන්ට නඩු පැවරුණි. ඔවුන් උසාවියට පැමිණී පසු ස්වාමිපුරුෂයා වාර්තාකරුවන්ට කියා තිබුණේ “අපි වැරදි නෛතික උපදෙස් ගතිමු” කියාය. වැරදි උපදෙස් ගැනීමත් (අනුන්ගේ දේවල් වියදම් කිරීමත්) තම ජීවිත වියවුල් කරන බව ඔවුහු ඉගෙන ගත්තෝය.

අපගේ ජීවිත වියවුල්කමින් බේරා ගැනීමට සංසන්දනාත්මකව ගීතිකාකරු ණැනවත් උපදෙස් බෙදා ගත්තේය. සත්‍ය තෘප්තිය සොයා ගන්නා ආශිර්වාදිත අය දෙවියන්වහන්සේට සේවය නොකරන අයගේ උපදෙස් ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කරන (ගීතාවලිය 1:1) බව ඔහු කියන්නේය. අභක්තික උපදෙස් නොපෙනෙන භයංකාරත්වයන් සහ මිළ අධික ප්‍රතිඵල වලට යොමු කරවන බව ඔව්හු දන්නෝය. එසේම ඔව්හු පෙළඹවීම ලබන්නේ (ආශාව සොයා යන්නේ) සහ මෙනෙහි කරන්නේ දේව වචනයේ යුගයන්ට සීමා නොවන නොසෙල්වන්නාවූ සත්‍යයන් මතය (2 පදය). දෙවියන්වහන්සේගේ මග පෙන්වීමට යටත්වීම ස්ථීරකම සහ ඵලදායීතාවයට යොමු වන බව ඔව්හු දන්නෝය (3 පදය).

අප අපගේ රැකියාව, මුදල්, සම්බන්ධතා හෝ වෙනත් දේවල් ගැන තීරණ ගන්නා විට බයිබලයෙහි තිබෙන ප්‍රඥාව, භක්තිවන්ත අනුශාසනා සහ ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම අපි සොයමු. වියවුල් ඇති කර නොගෙන තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට උන්වහන්සේගේ මග පෙන්වීම විශ්වාසවන්තය. අත්‍යවශයය.