ක්‍රි.පූ. 27 දී රෝමානු පාලක ඔක්ටේවියන් තම බලය ඉවත් කර ගැනීමට සෙනේට් සභාව ඉදිරියට ආවේය. ඔහු සිවිල් යුද්ධයක් ජය ගෙන තිබුණි. රාජ්‍යයේ එකම පාලකයා වී සිටියේය. අධිරාජ්‍යයා වශයෙන් ක්‍රියා කරමින් සිටියේය. නමුත් එම බලය සැකයට භාජනය වූ බව ඔහුට දැණුනි. තමා පත්කළ නිලධාරියෙක් ලෙස ක්‍රියා කරන්නෙමි කියා ඔහු පැවසීය. ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද? ඔහුට සිවිල් ඔටුන්නක් දී රෝම සෙනගගේ සේවකයා ලෙස ඔහුව පත් කිරීමය. ඔහුට ශ්‍රේෂ්ඨතමයා යයි අර්ථය ඇති “අගොස්තුස්” යන නාමය දෙනු ලැබීය.

යේසුස්වහන්සේ තමාව හිස් කර ගෙන සේවකයෙකුගේ තත්ත්වයට පත්වූ බව පාවුල් කියයි. අගෝස්තුස්ද එසේම කළ බව පෙනේ. ඇත්තෙන්ම එසේ වීද? ඔහු තම බලය ඉවත්කර ගත් බවක් පෙන්වූ නමුත් එසේ කළේ ඔහුගේම ලාභය තකාය. එහෙත් යේසුස්වහන්සේ “මරණය එසේය කුරුසියේ මරණය දක්වා කීකරු වූ සේක” (පිලිප්පි 2:8). පහත්කමේ සහ ලැජ්ජාවේ ඉතාම පහත්ම මරණය රෝම කුරුසියක මරණයයි.

අද සෙනග ප්‍රශංසා කරන ප්‍රධාන කාරණයක් නම් “සේවක නායකත්වයයි”. ඒ යේසුස්වහන්සේගේ ගුණාංගයක් නිසාය. යටහත්කම ග්‍රීක හෝ රෝම ගුණාංගයක් නොවීය. යේසුස්වහන්සේ අප වෙනුවෙන් මිය යාම නිසා සත්‍ය වූ සේවකයාණෝ උන්වහන්සේය. සත්‍ය වූ ගැළවුම්කරුවාණන්ද උන්වහන්සේමය.

ක්‍රිස්තුස්වහන්සේ සේවකයෙක් වූයේ අපව ගළවා ගන්නා පිණිසය. උන්වහන්සේ තමන්ව “කිසිවක් නැති තත්ත්වයට” පත් කර ගත් සේක (7 පදය). මක්නිසාදයත් අපට ඇත්තෙන්ම බලවත් දෙයක් එනම් ගැළවීමේ ත්‍යාගය සහ සදාකාල ජීවනය ලබා දෙන පිණිසය.