යමෙකු අලුත් ගිවිසුමක් දුන් කල ඩෙනිස්ගේ ජීවිතය වෙනස් විය. එය කියවා ඔහු එයට ආකර්ශණය විය. එය ඔහුගේ අඛණ්ඩ සහායකයා බවට පත්විය. මාස හයක් තුළ පරිවර්තන දෙකක් ඔහුගේ ජීවිතය තුළ සිදු වුනි. ඔහුගේ පාප සමාව සඳහා ඔහු තම විශ්වාසය යේසුස්වහන්සේ මත තැබූවේය. ඔහු දැඩි හිසේ රදයක් අත් දැක්ක අතර ඔහුගේ මොළයේ ගෙඩියක් ඇති බව සොයා ගැණුනි. ඉවසා ගත නොහැකි වේදනාව නිසා ඔහු ඇඳටම වැටුණි. වැඩ කර ගැනීමට නොහැකි වුනි. එක් වේදනාකාරී නින්ද නොගිය රාත්‍රියකදී ඔහු දෙවියන්වහන්සේට කඳුළින් මොර ගැසුවේය. අවසානයේ නින්ද පැමිණියේ පාන්දර 4.30 ටය.

ශාරීරික වේදනා දෙවියන්වහන්සේට මොර ගැසීමට අපව පොළඹවන්නේය. නමුත් ජීවිතයේ දරා ගැනීමට නොහැකි වෙනස් අවස්ථාවන්ද දෙවියන්වහන්සේ වෙත දුව යන්නට අපව පොළඹවන්නේය. ඩෙනිස්ගේ පොර බැදීමේ රාත්‍රියට ශත වර්ෂ ගණනාවකට ප්‍රථම අර්බූදයෙන් සිටි යාකොබ්ට දෙවියන්වහන්සේ මුහුණට මුහුණ ලා හමුවිය (උත්පත්ති 32:24-32). යාකොබ්ට එය නොවිසඳුණු පවුල් කාරණයක් විය. ඔහු තම සහෝදර ඒසව්ට වැරදි කර තිබුණි (27 පරිච්ඡේදය). අනිවාර්යයෙන්ම නැවත ප්‍රහාරය එන බව යාකොබ් දැන ගත්තේය. තමාගේ අසීරු අවස්ථාවේදී දෙවියන්වහන්සේ සොයන විට යාකොබ්ට දෙවියන්වහන්සේ මුහුණට මුහුණ ලා හමුවුනි (32:30). ඔහු ඉන් පිටතට පැමිණියේ වෙනස්වූ අයෙකු ලෙසය.

ඩෙනිස්ද එසේය. දෙවියන්වහන්සේ සමග යාච්ඤාවෙන් පොර බදිමින් ඇඳට සීමාවී සිටි ඩෙනිස් නැගිට්ටේය. වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණයන්ට අනුව ගෙඩියක ඡායාවක්වත් නොපෙණුනි. දෙවියන්වහන්සේ සැම විටම අපව ආශ්චර්යමත් ලෙස සුව නොකළද උන්වහන්සේ අපගේ යාච්ඤා අසන බව අපට ස්ථීරය. එසේම එම අවස්ථාවට ඕනෑකරන දෙය උන්වහන්සේ අපට දෙන සේක. අපට කර කියා ගන්නට නොහැකි වූ විට අපි අපගේ අවංක යාච්ඤා දෙවියන්වහන්සේට ඔප්පු කර ප්‍රතිඵල උන්වහන්සේට භාර කරමු.