ඔහුගේ නම ඩනියන්ය. තමා ලෝකයේ සිසුවෙක් යයි ඔහු සිතයි. ඔහු ගමන් කළ සියලුම නුවරවල් සහ නගර ගැන බලා “එය විශාල පාසැලක්ය” කියා ඔහු කීවේය. මනුෂ්‍යයන්ව හමුවී ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට ඔහු තම පාපදියෙන් වසර හතරක ගමනක් ආරම්භ කළේය. භාෂා ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් එකිනෙකා දෙස බලා සිටීමෙන් ජනතාව තේරුම් ගත හැකි බව ඔහු දැන ගත්තේය. එසේම ඔහු තම දුරකථනයේ ඇති පරිවර්තන උපාංගයක් භාවිතා කරන්නේය. ඔහු ගිය දුර සැතපුම් වලින් හෝ ඔහු දුටු දර්ශන වලින් හෝ ඔහු තම චාරිකාව මැන්නේ නැත. ඒ වෙනුවට ඔහු එය මැන්නේ ඔහුගේ සිතෙහි මුද්‍රාවක් තැබූ සෙනගගෙනි.  “සමහර විට මම ඔබගේ භාෂව නොදන්නවා විය හැකිය. නමුත් ඔබ කවුරුන්ද කියා දැන ගැනීමට මම කැමැත්තෙමි”.

එය විශාල ලෝකයකි. එසේ වුවත් දෙවියන්වහන්සේ ඒ ගැනද එහි සිටින ජනතාව ගැනද සියල්ල සම්පූර්ණයෙන්ම දන්නා සේක. දෙවියන්වහන්සේගේ සියලු හස්ත කර්මාන්ත දැක ගීතිකාකරු වන දාවිත් මවිත විය. ඒ අහස, සඳ හා තරු මැවූ ආකාරය ගැනය (ගීතාවලිය 8:3). “ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (4 පදය) යනුවෙන් ඔහු කල්පනා කළේය.

වෙන කිසිවෙකු ඔබ ගැන දන්නවාට වඩා දෙවියන්වහන්සේ ඔබ ගැන දන්නා අතර ඔබට සළකනද සේක. අපට කළ හැක්කේ “අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!” (1 සහ 9 පද) යනුවෙන් ප්‍රතිචාර දැක්වීම පමණී.