මම මුහුණු පොතේ විවාද කරමින් සිටියෙමි. මා ගත් වැරදි පියවරක්. උණුසුම් විෂයක් ගැන අමුත්තෙකුව හරි ගැස්සීම මා කළ යුතු බව මට සිතුණේ ඇයි? විශේෂයෙන් බෙදුණු විෂයක් ගැන. ප්‍රතිඵලය වූයේ උණුසුම් වචන, සිත් රිදුම් (විශේෂයෙන් මගේ පැත්තෙන්), සහ එසේම යේසුස්වහන්සේ ගැන කථා කිරීමේ හොඳ අවස්ථාවක් මග හැරී යාමය. “අන්තර්ජාල කෝපයේ” සම්පූර්ණ ප්‍රතිඵලය එයයි. “අන්තර්ජාල කෝපය” යනු දිනපතා “බ්ලොග් ක්‍ෂේත්‍රයේ” එයා මෙහා විසිවන කුරිරු වචන පෙළයි. එක් ආචාරධර්ම විද්වතෙකු කීවේ ප්‍රසිද්ධියේ අදහස් හුවමාරු කර ගත යුත්තේ කෝපයෙන් යැයි අවසානයේදී සෙනග සිතන බවය.

පාවුල් විසින් තිමෝතිට දෙන ලද එම ණැනවත් අවවාදය එම අනතුර ඇඟවීම ඉස්මතු කරන්නේය. “නුමුත් මෝඩවූ අඥානවූ විවාදවලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරන්න. ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තව සිටිය යුතුය” (2 තිමෝති 2:23-24).

පාවුල්ගේ යහපත් අනුශාසනය තිමෝතිට ලියනු ලැබුවේ රෝම සිරගෙයක සිටය. එය එවන ලද්දේ දෙවියන්වහන්සේගේ සත්‍යය ඉගැන්වීමට තරුණ සභාපාලකවරයෙක්ව සුදානම් කිරීමටය. විශේෂයෙන් අපගේ සංවාදය ඇදහිල්ල වෙතට යොමු වන විට පාවුල්ගේ අවවාදය අදටත් අපට වලංගුය. “විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද…. ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක්දෝයි බලමින් මෘදුකමින් ඔවුන්ට තරවටුකරන්ට ඕනෑය” (25 පදය).

අන් අයට දයාවෙන් කථා කිරීම මේ අභියෝගයේ එක කොටසකි. එය සභාපාලකවරුන්ට පමණක් සීමා නොවේ. දෙවියන්වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ ගැන අන් අයට කීමට බලාපොරොත්තු වන සියල්ලන් උන්වහන්සේගේ සත්‍යය ප්‍රේමයෙන් කියනු ලබත්වා. සෑම වචනයකින්ම ශුද්ධාත්මයාණන් වහන්සේ අපට උපකාර කරන සේක.