රැස්වීමකට සහභාගී වීම සඳහා මම එක් රාත්‍රියක ලන්ඩනයේ සිටියෙමි. මොර සූරන වර්ෂාවක් ඇද හැළුණි. මම ප්‍රමාදවීත් සිටියෙමි. මම පාරවල් දිගේ දිව ගියෙමි. වංගුවකින් හැරුණෙමි. ක්‍ෂණයකින් එක තැන නැවතුණෙමි. රීජන්ට් පාරට ඉහළින් දේවදූතයන් දුසිම් ගණනක් එහේ මෙහේ ගියෝය. විශාල දිළිසෙන අත්තටු වාහන තදබදය හරහා විහිදුණි. දහස් ගණන් නිවි නිවී පත්තුවන ආලෝකයන්ගෙන් ඒවා සෑදී තිබුණි. එය මා දැක ඇති විශ්මිතම නත්තල් සංදර්ශණය විය. එයට ආකර්ෂණය වී සිටියේ මා පමණක් නොව දහස් ගණනක් පාර දිගට මවිතයෙන් ඒ දෙස බලා සිටියෝය.

නත්තල් කථාව මධ්‍යයෙහි ඇත්තේ මවිතයයි. දේවදූතයෙක් මරියාට දර්ශණය වී ඇය ආශ්චර්යවත් පිළිසිඳ ගැනීමකට භාජනය විය (ලූක් 1:26-38) සහ එසේම යේසුස්වහන්සේගේ උපත ගැන එඬේරුන්ටද දන්වනු ලැබීය (2:8:20). එකිනෙකා භියෙන් සහ මවිතයෙන් ප්‍රතික්‍රියා කළෝය. රීජන්ට් පාරේ සෙනග දුටු දර්ශනයද පළමු දේවදූත දර්ශනය දුටු අය ලත් අත්දැකීමද යම්කිසි සමානකමකින් යුක්ත වන්න ඇතැයි මට හැඟුණි.

ටික මොහොතකට පසු මම තව දෙයක් දුටුවෙමි. සමහර දේව දූතයන් අත් ඔසවා ගෙන සිටියේ ඔවුන්ද යම් දෙයක් දෙස බලා ගෙන සිටිනවා මෙන්ය. යේසුස්වහන්සේගේ නාමය ඇසූ විට ගීතයෙන් ඔල්වරසන් දුන් දේවදූත සංගීත කණ්ඩායම මෙන් (13-14 පද) යේසුස්වහන්සේ දෙස බලන කල දේවදූතයෝද විශ්මපත් වන බව පෙනෙන්න තිබුණි.

“උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක් (හෙබ්‍රෙව් 1:3). සෑම දේවදූතයෙක්ගේම බැල්මේ අවධානය දීප්තිමත්ව දිලිසෙන්නාවූ යේසුස්වහන්සේය (6 පදය). දේවදූතයන් තේමාකරගත් නත්තල් සංදර්ශනයකට ලන්ඩන් වැසියන්ගේ යන ගමන නැවැත්විය හැකිනම් අප උන්වහන්සේව මුහුණට මුහුණ ලා හමුවන මොහොත ගැන සිතා බලන්න.