බොහෝ පිලිපීන ජාතිකයන් උපන් දින, විවාහ මංගල්‍යය, නගර මංගල්‍යය සහ නත්තල විශාල ලෙස සමරති. පවුලේ සාමාජිකයන් පෝෂණීය ආහාරවලින් පිරුණු මේසයක් වටා වාඩිවී සිටිති. ඔව්හු සුපුරුදු කථා හුවමාරු කර ගනිති. පැරණි විහිළු ගැන සිනහවෙති. සියල්ලන්ගේ ආමාශයන් පිරුණු පසු වීඩියෝකේ නොහොත් කැරෝකි සංගීතය පටන් ගනී. බොහෝ පිලිපීන ජාතිකයන්ට ආහාර සහ සංගීතය විශාල තෘප්තියක් ගෙන එයි.

ගීතාවලිය 63 හි දාවිත් ලියන්නේ ඔහු ඉතා පෝෂණීය ආහාර වලින් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වූ බවයි. සෑම ආහාර වේලකදීම දාවිත් වැනි රජෙකුට කෙබඳු ආහාර සැපයෙන්න ඇත්දැයි කල්පනා කරන්න. නමුත් මෙම ගීතිකාව ලියද්දී ඔහු සිටියේ මාලිගාවේ සැප පහසුව ඇතිව නොවේ. ඔහු සිටියේ තම පුතා වන අබ්සලොම්ගෙන් සැඟවී කාන්තාරයකය. දාවිත් සාගින්නේ පිපාසයෙන් සහ වෙහෙසව සිටියේය. ඔහුගේ වස්තුව, බලය සහ පවුල නැතිවේය යන අවිනිශ්චිත භාවයකට ඔහු මුහුණ දුන්නේය.

දාවිත්ට ඇත්තෙන්ම අවශ්‍ය කුමක්ද යන්න අවබෝධ වූයේ මේ කාලයේදීය. ඔහු පිපාස වූයේ මිදි යුෂට නොව දෙවියන්වහන්සේටයි (ගිතාවලිය 63:1). ස්වාමින්වහන්සේ තුළ සම්පූර්ණයෙන් තෘප්තිමත් වීමට ඔහු තුළ තිබූ ආශාව ආහාර වලට තිබූ ආශාව යටපත් කළේය. ඔහුගේ ජීවිතයට වඩා දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහුට යහපත් විය (3 පදය).

ඔබගේ සෞඛ්‍යය, මුදල් හෝ සම්බන්ධතාවයන් ගැන ඔබ කරදර හෝ තර්ජනයන්ට ඔබ මුහුණ දෙන්නේද? අපගේ තත්ත්වයන් කෙබඳු වුවද දාවිත් මෙන් අපට දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට පුළුවන. මක්නිසාදයත් අපගේ දෙවියන්වහන්සේ ජීවිතයට වඩා යහපත් වන හෙයින් ප්‍රීතියේ ගීතිකා වලින් අපගේ හදවත් උන්වහන්සේ වෙතට අපට හැරවිය හැකිය.