“කවුරුන් හෝ කියු නිසා යම් කෙනෙක් ඔවුන් කව්ද කියා දැන ගන්නේ නැත. එය ඔවුන්ට පෙන්විය යුතුය”. කියා සභාපාලක ටිම් කෙලර් කීවේය. එක් අතකින් එම කියමනේ අදාළ කිරීමක් නම් “වචන වලට වඩා ශබ්දයෙන් අපගේ ක්‍රියාවන් කථා කරයි” යන්නයි. කාලත්‍රයන් තම සහකරුවන්ට ඇහුම්කන් දී ප්‍රේම කිරීමෙන් තමන් ඔවුන් අගයන බව පෙන්වති. දෙමාපියන් තම දරුවන් වටිනා බව පෙන්වන්නේ ඔවුන්ට ආදරයෙන් සැලකීමෙනි. පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ හැකියාව පෙන්වන්නේ ඔවුන්ගේ වර්ධනයට ආයෝජනය කරමිනි. එය එසේ අඛණ්ඩව ඉදිරියට යන්නේය. ඒ අදහසින්ම වෙනස් වර්ගයේ ක්‍රියාවන් සෙනගට වේදනාකාරී දේවල් පෙන්විය හැකිය. ඒවායින් සංනිවේදනය වන්නේ අඳුරු දේවල්ය.

විශ්වයේ ක්‍රියාවලින් පදනම්වූ සියලු පණිවුඩ තුළින් වඩාත් වටිනා එකක් තිබේ. දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි අපි කව්ද කියා පෙන්වීමට අවශ්‍ය වූ විට උන්වහන්සේ කුරුසියේ කළ ක්‍රියාවට එහා අපි බැලිය යුතු නැත. “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය” (රෝම 5:8) යනුවෙන් පාවුල් ලියන්නේය. අප කව්ද කියා කුරුසිය පෙන්වයි. දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ නිසා අප වෙනුවෙන් උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක (යොහන් 3:16).

කැඩුණු බිඳුණු සංස්කෘතියක කැඩුණු බිඳුණු සෙනගගේ වියවුල්වූ පණිවුඩ වලට එරෙහිව දෙවියන්වහන්සේගේ හදවතින් ගළා එන පණිවුඩය පැහැදිළිය. ඔබ කව්ද? ඔබගේ ගැළවීම උදෙසා තමන්වහන්සේගේ පුත්‍රයා දුන් දෙවියන්වහන්සේ ප්‍රේම කරන තැනැත්තා ඔබය. උන්වහන්සේ ඔබ වෙනුවෙන් ගෙවූ මිළය ගැන සළකන්න. උන්වහන්සේට තමන්වහන්සේගේ ජීවිතය දෙන තරමට ඔබ වටින්නේය යන යථාර්ථය ගැන සිතන්න.