ආජන්ටිනා පැසිපන්දු ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟාවලියට පැමිණුනේ වැරදි නිළ ඇඳුම් පැළඳගෙනය. ඔවුන්ගේ නාවික නිල් පැහැති කබා කොළොම්බියාවේ තද නිල් පැහැති කබා වලට සමාන විය. අමුත්තන්ගේ කණ්ඩායමක් ලෙස ඔවුන් සුදු ඇඳිය යුතු විය. විකල්ප ඇඳුම් සෙවීමට වේලාවක් නැති වූ බැවින් ඔවුන්ට ජයග්‍රහණය අනිත් කණ්ඩායමට ලබා දීමට සිදුවුනි. ඉදිරියේදී ආජන්ටිනා කණ්ඩායමට තමන් පළඳින්නේ කුමක්දැයි කියා දෙවරක් සිතනු ඇත.

අනාගතවක්තෘ සෙකරියාගේ කාලයේදී දෙවියන්වහන්සේ ඔහුට දර්ශනයක් පෙන්වීය. එහිදී උත්තම පූජක යෝෂුවා දුගඳ හමන කිළිටි වැරහැලි පැළඳ ගෙන පැමිණීයේය. සාතන් අපහාසයෙන් එය පෙන්වා “ඔහු සුදුසු නැත. ක්‍රීඩාව අවසන්” යයි කීවේය. නමුත් ඇඳුම් මාරු කිරීමට කාලය තිබුණි. දෙවියන්වහන්සේ සාතන්ට තරවටු කර යෝෂුවාගේ කිළිටි ඇඳුම් ඉවත් කරන්න කියා දේවදූතයාට කී සේක. උන්වහන්සේ යෝෂුවා වෙත හැරී “මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි ” (සෙකරියා 3:4) කියා පැවසූ සේක.

අපි මේ ලොවට පැමිණියේ ආදම්ගේ පාපයේ දුගඳ සමගය. අපි එය අපගේම පාපවලින් කපරාරු කර ගතිමු. අපි එම කිළිටි ඇඳුම් සමග සිටියහොත් අප ජීවිතය නැමැති ක්‍රීඩාව පරාජය වන්නෙමු. නමුත් අපට පාපය එපාවී යේසුස්වහන්සේ වෙත හැරෙන්නේ නම් උන්වහන්සේ අපව හිස සිට පතුළට උන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් සරසනු ඇත. සොයා බැලීමට කාලය පැමිණ තිබේ. අප පැළඳ ඉන්නේ කාවද?

“ශක්තිමත් පර්වතය” යන ගීතයේ අවසන් පද පෙළ අප ජයග්‍රහණය කරන ආකාරය විස්තර කරන්නේය. “උන්වහන්සේ හොරණෑ ශබ්දය සමග පැමිණෙන විට/මාව උන්වහන්සේ තුළ හමුවේවා/ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් පමණක් සැරසී / උන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ කැළැල් රහිතව සිටිමිනි”.