නත්තල් රාත්‍රී භෝජනයට පසු මගේ ලේලිය වන ඇනා අපට “ඩාං යුආන්” දුන්නාය. ඒ චීන අය ශීත සෘතු මංගල්‍යයේදී බෙදන සහල් වලින් සාදන ලද බත් ගුලි සහිත උණුසුම් කැඳ වර්ගයකි. එම මංගල්‍යය සෑම විටම පවත්වන්නේ නත්තල් සමයේය. ඇගේ තුන් හැවිරිදි පුතා වන පීට් අඩම්බරයෙන් යුතුව “මම මේකත් සෑදුවෙමි. ඒකත් සෑදුවෙමි” කියා බත් ගුලි පෙන්වූයේය මම සිනහසුනෙමි. පීට්ගේ අතින් සෑදුණු බත්ගුලි එක් එක් ප්‍රමාණයෙන් හරි හැඩයක් නැතුව තිබුණද ඔහු ඒවා විශිෂ්ඨ නිර්මාණ ලෙස කල්පනා කළේය.

මෙය මට පෙන්නුම් කළේ දෙවියන්වහන්සේ අප දෙස බලන ආකාරයයි. දෙවියන්වහන්සේ තම මැවිල්ලේ උච්චත්වය ලෙස මිනිසා මැවූ පසු තමන්වහන්සේ මැවූ සියල්ල යහපත් බව උන්වහන්සේ දුටු සේක (උත්පත්ති 1:31). පසුව මිනිසා පව්කාරයෙක් බවට පත්වුවද අපව “භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෝය” (ගීතාවලිය 139:14) කියා ගීතිකාකරු අවබෝධ කර ගත්තේය. අපි පාපයෙන් විකෘතිව සිටියත් අපි දිගටම දෙවියන්වහන්සේගේ විශිෂ්ඨ හස්ත කර්මාන්තයෝ වෙමු. නමුත් දෙවියන්වහන්සේ අපව පාපයේ තැබුවේ නැත. උන්වහන්සේගේ මහිමය පිණිස යහපත් ක්‍රියා සඳහා උන්වහන්සේගේ හස්ත කර්මාන්ත ලෙසට උන්වහන්සේ යේසුස්වහන්සේ තුළ අපව මිදු සේක (එපිස 2:10).

මාව ප්‍රේමණීය ලෙස මවා ඇතුවා පමණක් නොව නැවත ක්‍රිස්තුස්වහන්සේ තුළද මවා ඇති බව සමහර විට මට අමතක වේ. මෙම සත්‍යයන් අමතක කර මම මා ගැන අඩු තක්සේරුවකින් අරගල කරමින් මා ගැනම අනුකම්පාවෙන් ගිලී සිටින්නෙමි. ඔබ කෙසේද? මාගේ මුණුපුරා තමන් සාදන ලද උපහාසාත්මක බත් ගුලි ගැන ප්‍රීති වන්නාක් මෙන් දෙවියන්වහන්සේ අපව දකින ආකාරයට අපි හැඩ ගැසිය යුතු යයි මම සිහිපත් කර ගත යුතු වෙමි. ක්‍රිස්තුස්වහන්සේ තුළ මුදා ගන්නා ලද අපි උන්වහන්සේගේ ප්‍රේමණීය හස්ත කර්මාන්තයෝය. එම නිසා දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තයක් වීම ගැන ප්‍රීති වෙමින් අපි ඒ අනුව ජීවත් වෙමු.