මරියා කුසෙහි දරුවා දරා ගෙන සිටින කාලයේදී “යෝසෙප්, අපි දරුවාට තබන නම කුමක්ද?” කියා ඇසීමට ඇයට සිදු නොවීය. උත්පත්තියක් බලාපොරොත්තුව සිටින බොහෝ අය මෙන් නොව දරුවාට තබන නම ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නොවීය.

මරියා සහ යෝසෙප් හමුවීමට පැමිණී දේවදූතයා ඔවුන්ට කීවේ දරුවාගේ නම යේසුස් විය යුතුය කියාය (මතෙව් 1:20; ලූක් 1:30-31). යෝසෙප්ට දේවදූතයා පැවසුවේ එහි අර්ථය වන්නේ “තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේ” බවය.

එසේම උන්වහන්සේට “දෙවියන්වහන්සේ අප සමගය” යන අර්ථය ඇති “එම්මානුවෙල්” (යෙසායා 7:14) යන නාමයද කියන බව පැවසුවේය. මක්නිසාදයත් දෙවියන්වහන්සේම මිනිස් ආකාරයෙන් රෙදිවලින් ඔතා සිටින දරුවා වූ හෙයිනි. එසේම අනාගතවක්තෘ යෙසායා උන්වහන්සේට කියන තවත් නම් හෙළිදරව් කළ සේක.
“අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයාය” (යෙසායා 9:6) කියා කියනු ලබන්නේය. මක්නිසාදයත් උන්වහන්සේ ඒ සියල්ල වන නිසාය.

අලුත් ළදරුවෙක්ට නම් තැබීම සෑම විටම උද්‍යයා්ගිමත්ය. නමුත් මෙසියස් යන නම ලැබූ යේසුස්වහන්සේට තරම් බලවත්, උද්‍යයා්ගිමත්, ලොවක් වෙනස් කරන නමක් වෙන කිසි ළදරුවෙකුට ලැබුණේ නැත (මතෙව් 1:16). අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ප්‍රකාශ කිරීමට අපට ලැබීම තරම් උද්‍යයා්ගයක් තවත් කොහෙන්ද? (1 කොරින්ති 1:2). ගැළවීමට වෙන නාමයක් නැත (ක්‍රියා 4:12).

මෙම නත්තල් සමයේ අපි යේසුස්වහන්සේට ප්‍රශංසා කර උන්වහන්සේ අපට අර්ථවත් වන සියලු ආකාරයන් ගැන කල්පනා කරමු.