අයිස්ලන්තය නැමැති කුඩා රට පාඨකයන්ගෙන් පිරී දේශයකි. ඒක පුද්ගල ප්‍රතිශතයකින් එහි ජනයාගේ පොත් කියවීම සහ එහි පොත් මුද්‍රණය කිරීම වෙන කිසිම රටකට වඩා වැඩි බව පැවසේ. චාරිත්‍රයක් ලෙසට නත්තලට පෙර දින තම පවුලේ අයට සහ මිතුරන්ට අයිස්ලන්ත වැසියෝ පොත් ලබා දී රෑ යාමය වන තුරු ඒවා කියවති. මෙම සම්ප්‍රදාය 2 වන ලෝක මහා යුද්ධ සමය දක්වා විහිදේ. පිටින් ගෙන්වීම සීමාකර තිබූ බැවින් කඩදාසි ලාභ විය. සරත් සෘතුවේදී අලුත් මාතෘකා සහිත පොත් වෙළඳපොළට ගලා ඒමට මුද්‍රණකරුවෝ සැළැස්වූහ. සැම අයිස්ලන්ත නිවසකටම නොවැම්බර් මැද භාගයේදී අලුත් මුද්‍රණයන්ගේ ලැයිස්තුවක් බෙදා හරිනු ලබන්නේය. මෙම චාරිත්‍රය නත්තල් පොත් ජලගැල්ම ලෙස හැඳින් වේ.

යහපත් කථාවක් නිර්මාණය කර අධ්‍යාපනය දී ජ්වලිත කරන හෝ ධෛර්යමත් කරන වචන හැසිරවීමේ හැකියාව දෙවියන්වහන්සේ බොහෝ දෙනෙක්ට දී ඇති නිසා අපට ස්තුතිවන්ත විය හැකිය. හොඳ පොතක් මෙන් වෙන කිසිවක් නැත. සියල්ලෙන්ම වැඩියෙන් විකිණෙන පොත වන බයිබලය බොහෝ කර්තෘවරුන් විසින් නිර්මාණය කර තිබේ. ඒ ගද්‍යයෙන් සහ පද්‍යයෙනි. සමහර ඒවා ශ්‍රේෂ්ඨ කථාය. සමහර ඒවා එසේ නොවෙති. නමුත් ඒ සැම දෙයක්ම දිරිගන්වන්නේය. අපෝස්තලු පාවුල් තිමෝතිට සිහිපත් කළේ “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16-17) යනුවෙනි. බයිබලය කියවීම අපගේ සිතට කථා කරයි. අපව උද්‍යයෝගිමත් කරයි. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට උපකාර කරයි. අපව මුළු සත්‍යය කරා ගෙන යයි (2:15).

අපගේ කියවීමේදී බයිබලය එනම් ශ්‍රේෂ්ඨතම පොත සමග වැතිරීමට කාලාය සොයා ගැනීමට අපි අමතක නොකරමු.