මාගේ පුත්‍රයා වන සේවියර් අතින් සාදන ලද නත්තල් සැරසිලි සහ ආච්චි අම්මා වසර ගණනාවක් තුළ එවන ලද නොගැළපෙන අඩුම කුඩුම දෙස මම බලා සිටියෙමි. මම අපගේ සැරසිලි ගැන සෑහිමකට පත් නොවී සිටින්නේ ඇයි කියා මට සිතා ගත නොහැකිය. මා සෑමවිටම එක් එක් සැරසිල්ල ඉස්මතු කළ නිර්මාණ ශීලිත්වය සහ මතකයන් අගය කළෙමි. එසේ නම් සිල්ලර කඩවල නිවාඩු සමයට තබා ඇති දේවල් වල ආකර්ෂණය නිසා හරියටම ගැළපෙන බල්බ්, දිලිසෙන ද්‍රව්‍ය සහ සැටින් රිබන්වලින් සරසන ලද ගසකට මම ආශා කරන්නේ ඇයි?

මා ලාභ සැරසිලි වලින් ඉවත් වන්න සුදානම් වෙද්දී රතු වර්ණ හදවතක හැඩය ඇති සැරසිල්ලක “යේසුස් මගේ ගැළවුම්කරුවාණන්” යන වැකිය ලියා තිබෙනවා දුටුවෙමි. මම නත්තල සැමරීමට ආශා කරන්නේ මාත් මගේ පවුලේ අයත් ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා ඇති බලාපොරොත්තුව නිසාය කියා මම අමතක කළේ කෙසේද? අපගේ සරළ ගස සාප්පුවල තබා ඇති ගස් මෙන් නොවීය. නමුත් සෑම සැරසිල්ලක් පිටුපසම ඇති ප්‍රේමය එය අලංකාර කරන්නේය.

අපගේ මනා පෙනුමක් ඇති ගස මෙන් මෙසියස්වහන්සේද කිසිම අයුරකින් ලෝකයේ බලාපොරොත්තුවලට සම නොවීය (යෙසායා 53:2). යේසුස්වහන්සේව එපාකර සුළුකරනු ලැබීය” (53:3). එහෙත් විශ්මිත ලෙස ප්‍රේමය එළිදරව් කරමින් උන්වහන්සේව “පොඩිකරනු ලැබුවේ” (5 පදය) අපගේ අපරාධ නිසාය. උන්වහන්සේ දඬුවම් ලැබුවේ අපට සමාදානය ලැබෙන පිණිසය (5 පදය). ඊට වඩා අලංකාරයක් වෙන කොයින්ද?

අපගේ අසම්පූර්ණ සැරසිලිවලට සහ සම්පූර්ණ ගැළවුම්කරුවාණන්ට අලුත්වූ කෘතඥතාවයක් ඇතිව දිලිසෙන දේ වලට ඇති ආශාව ඉවත ලා දෙවියන්වහන්සේගේ මහිමාන්විත ප්‍රේමය ගැන ප්‍රශංසා කළෙමි. උන්වහන්සේගේ යාගික දිමනාව වන යේසුස්වහන්සේගේ අලංකාරයට බැබළෙන සැරසිලි සම කළ නොහැකිය.