සෑම නත්තලකදීම ලොව වටා නත්තල් සැරසිලි වලින් අපි අපගේ නිවස සරසන්නෙමු. අපට ජර්මානු නත්තල් පිරමීඩයක්ද බෙත්ලෙහෙමෙන් ගෙන ආවා වු ඔලීව ලී වලින් සාදන ලද ගවමඩුවක්ද දීප්තිමත් වර්ණවලින් යුත් මැක්සිකානු ගැමියන් දැක්වෙන පිටපතක්ද තිබේ. නමුත් අප පවුලේ අය ආශා කරන සැරසිල්ල අප්‍රිකාවෙන් පැමිණ ඇත. සාම්ප්‍රදායික බැටළුවන් සහ ඔටුවන් වෙනුවට හිපපොටේමස් යේසුස්වහන්සේ දෙස ආශාවෙන් බලා සිටී.

නත්තල් සැරසිලි වලට මෙම අසමසම සංස්කෘතික මිශ්‍රණය දී ඇති ප්‍රාණවත්භාවය මාගේ හදවත උණසුම් කරයි. ඒ යේසුස්වහන්සේගේ උපත එක් ජාතියකට හෝ එක් සංස්කෘතියකට හෝ නොවන බව මට මතක් වන හෙයිනි. එය සමස්ථ ලෝකයටම ශුභාරංචියකි. සියලු රටවල සියලු ජාතීන්ට ප්‍රීතිවීමට හේතුවකි.

අපගේ නත්තල් දර්ශනවල ප්‍රදර්ශනය වන ළදරු යේසුස්වහන්සේ මුළු ලෝකයටම දෙවියන්වහන්සේ තබා ඇති මෙම සත්‍යය අනාවරණය කරන්නේය. නිකදේමුස් නැමති සෑම දෙයක්ම සොයා බැලූ ඵරිසියා සමග ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ දෙබස ගැන යොහන් ලීවේ “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3:16) යනුවෙනි.

යේසුස්වහන්සේ නැමති ත්‍යාගය සෑම දෙනටම ශුභාරංචියකි. ඔබ ලෝකයේ කොතැනක සිට මේ මාගේ නිවස යැයි කීවත් යේසුස්වහන්සේගේ උපත දෙවියන්වහන්සේ ඔබට දෙනු ලබන ප්‍රේමය සහ සාමයයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ අලුත් ජීවනය ලබන “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද” යුත් සෙනග එක් දවසකදී දෙවියන්වහන්සේගේ මහිමය සදාකාලයෙන් සදාකාලයට සමරනු ඇත (එළිදරව් 5:9).