විශේෂාංග ලිපි ලියන ආතර් බෲක්ස් වොෂිංටන් ප්‍රාන්තය වෙත යන ගුවන් යානයක සිටිද්දී වයසක ස්ත්‍රීයක් තම ස්වාමි පුරුෂයාට “ඔයාව දැන් කාටවත් අවශ්‍ය නැහැ කියන එක බොරුවක්” කියා මුමුණනවා ඔහුට ඇසුණි. එවිට පුරුෂයා තමන් මිය ගියා නම් මීට වඩා හොඳය වැනි යමක් මිමුණුවේය. එයට පිළිතුරු වශයෙන් “ඕක දැන් නවත්වන්න” කියා ස්ත්‍රීය පිළිතුරු දුන්නාය. ගුවන් යානය නතර කළ විට බෲක්ස් පිටුපස හැරී බැලුවේය. ඔහු වහාම පුරුෂයාව හඳුනා ගත්තේය. ඔහු ලෝක ප්‍රසිද්ධ වීරයෙක් විය. අනිත් මගීන් ඔහුට අතට අත දුන්නෝය. දශක ගණනාවකට පෙර ඔහුගේ ධෛර්යය නිසා ගුවන් නියමුවාද ඔහුට ස්තුති කළේය. මේ යෝධයා මෙවැනි තත්ත්වයකට පත්වූයේ කෙසේද?

අනාගතවක්තෘ එලියා නිර්භීතව තනිව බාල්ගේ අනාගතවක්තෘන් 450 ස් දෙනෙක් පැරදවීය. නැතිනම් ඔහු එසේ සිතුවේය (1 රාජාවලිය 18). නමුත් අත්තෙන්ම ඔහු එය කළේ තනිව නොවේ. දෙවියන්වහන්සේ අඛණ්ඩව ඔහු සමග සිටි සේක. නමුත් පසුව ඔහුට තනිකම දැනී තමාගේ ජීවිතය ගන්නයැයි ඔහු දෙවියන්වහන්සේට කීවේය.

ඔහුව තමන්වහන්සේගේ අභිමුඛයට ගෙන එමින් සහ සේවය කිරීම සඳහා ඔහුට අලුත් සෙනගක් ලබා දෙමින් එලියාගේ ආත්මය දෙවියන්වහන්සේ එසෙවු සේක. ඔහුට ගොස් “හසායෙල් සිරිය රටේ රජකමට ආලේප කරන්න” යැයි කියාද “එලීෂා නුඹ වෙනුවට අනාගතවක්තෘ බවට පත්කරන්න” යැයි කියාද උන්වහන්සේ කී සේක (19:15-16). අලුත් අරමුණකින් ප්‍රාණවත් වී එළියා තමාගේ අනුප්‍රාප්තිකයා සොයා ඔහුට මුල් උපදෙස් දුන්නේය.

ඔබගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන් පසුපස බලන කණ්නාඩියෙන් පෙනෙනවාද විය හැකිය. ඔබගේ ජීවිතය උච්චත්වයට පත්ව ඇතැයි කියා හෝ එය එසේ කිසිදිනෙක නොවී යැයි කියා හෝ ඔබට සිතෙනු ඇත. කෙසේ වෙතත් අවට බලන්න. සටන් කුඩාවට පෙනෙන්න පුළුවන. අවදානම අඩුව පෙනෙන්න පුළුවන. නමුත් තවමත් ඔබව අවශ්‍ය අය සිටිති. යේසුස්වහන්සේ වෙනුවෙන් ඔවුන්ට හොඳින් සේවය කරන්න. එය ගණන් ගනු ලබයි. ඒවා ඔබගේ අරමුණුය. ඔබ තවමත් මෙහි සිටින හේතුව එයයි.