හිරු බැස ගොස් බොහෝ වේලාවක් ගෙවී තිබුණි. අපගේ විදුලි බලය ක්‍ෂණිකව නතර විය. අපගේ කුඩා දරුවන් දෙදෙනා සමග මම නිවසේ සිටියෙමි. එය විදුලි බලය නොමැතිව ඔවුන්ගේ ප්‍රථම අත්දැකීම විය. විදුලි බලය ඇණ හිටීම ගැන සමාගම දන්නා බව ස්ථීර කර ගත් පසු මම ඉටිපන්දම් කිහිපයක් සොයා ගෙන මුළුතැන් ගෙයි අඩුවන වැඩිවන ගිනිදැල් හමුවේ මා සහ දරුවෝ එකට ගුලි වූයෙමු. ඔව්හු භියෙන් සහ අපහසුවෙන් සිටි බව මට පෙනෙන්ට තිබුණි. එම නිසා අපි ගී ගැයීමට පටන් ගත්තෙමු. ටික වේලාවකින් ඔවුන්ගේ මුහුණෙ තිබුණු කණස්සලු පෙනුම පහවී ඔවුන්ගේ මුහුණු සිනහවෙන් පිරුණි. සමහර විට අපගේ අඳුරුම මොහොතේදී අපට ගීතයක් අවශ්‍ය වේ.

බොහෝ විට ගීතාවලිය 103 පාළුවී තිබුණු තම දේශයට පැමිණි විප්‍රවාසින් ගැයූ හෝ යාච්ඤා කළ ගීතයක් වන්න ඇති. ඛේදවාචකයක් වෙලාවේදී ගායනා කිරීමට ඔවුන්ට අවශ්‍ය වුනි. ඒ සාමාන්‍ය ගීතයක් නොවේ. දෙවියන්වහන්සේ කව්ද කියාත් උන්වහන්සේ කරන්නේ කුමක්ද කියාත් ගායනා කරන්න ඔවුන්ට අවශ්‍ය වූහ. ගීතාවලිය 103 උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ බවත්, දයාවන්ත බවත්, විශ්වාසවන්ත ප්‍රේමයෙන් පිරී ඇති බවත් අපට සිහි කර ගැනීමට උපකාර වන්නේය (8 පදය). අපගේ පාපයේ විනිශ්චය අප හිස මත එල්ලී තිබෙනවා යැයි සිතා අප භයෙන් සිටී නම් ගීතිකාව කියන්නේ දෙවියන්වහන්සේ තවමත් කෝප වී නැති බවත් උන්වහන්සේ සමාව දී ඇති බවත් උන්වහන්සේ අනුකම්පාවෙන් බලන බවත්ය. අපගේ ජීවිත වල අඳුරු රාත්‍රියන්හී ගායනා කිරීමට මේවා හොඳය.

සමහර විට ඔබ දැන් අඳුරු අසීරු තැනක සිටිමින් දෙවියන්වහන්සේ සත්‍යයෙන්ම යහපත්ද කියා කල්පනා කරමින් ඔබ කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය ගැන ප්‍රශ්න කරනවා විය හැකිය. එසේ නම් ප්‍රේමයෙන් පිරී උතුරා යන තැනන්වහන්සේට යාච්ඤා කරමු. ගායනා කරමු.