වයස අවුරුදු දහහතේදී ඩෝවේන්ට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි කොටසක් වූ මොනෙන්බර්ග්හී පිහිටි ඔහුගේ නිවසින් ඉවත්ව යාමට සිදු විය. එයට හේතුව ඔහු සොරකමට සහ හෙරොයින් වලට ඇබ්බැහි වූ නිසාය. ඔහු වැඩි දුර ගියේ නැත. ඔහුගේම මවගේ මිදුලේ පිටුපස මඩුවක් සාදා ගත්තේය. පසුව එය මත්ද්‍රව්‍ය පාවිච්චි කළ හැකි කැසිනෝ නමින් හැඳින්වුනි. නමුත් වයස දහනවයේදී ඩෝවේන් යේසුස්වහන්සේගේ ඇදහිල්ලේ ගැළවීමට පැමිණියේය. ඔහුගේ මත්ද්‍රව්‍ය ජීවිතය දීර්ඝ හා වෙහෙසකාරී එකක් වුනි. නමුත් දෙවියන්වහන්සේගේ සහ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් වන මිතුරන්ගේ උපකාරයෙන් ඔහු පවිත්‍ර විය. කැසිනෝ සාදා වසර දහයකට පසුව ඔහු සහ ඔහුගේ මිතුරෝ එය සභාවක් බවට පත් කළහ. වරක් අඳුරුවූ පාපකාරීවූ ස්ථානයක් නමස්කාරයේ සහ යාච්ඤාවේ ස්ථානයක් බවට පත්වුනි.

මෙම සභාවේ නායකයෝ යෙරෙමියා 33 දෙස බලන්නේ ඩෝවේන්ට සහ කැසිනෝවට කළාක් මෙන් ජනතාවට සහ ස්ථානවලට දෙවියන්වහන්සේට සුවය සහ ගොඩනැගීම ගෙන ආ ඇක්කේ කෙසේදැයි බැලීමටය. අනාගතවක්තෘ යෙරෙමියා විප්‍රවාසයේ සිටි දෙවියන්වහන්සේගේ සෙනගට කථා කළේය. නගරය විනාශ විය හැකි වූවත් දෙවියන්වහන්සේ තම සෙනග සුව කර ඔවුන්ව ගොඩ නගා ඔවුන්ව පාපයෙන් පවිත්‍ර කරන බව ඔහු කීවේය (යෙරෙමියා 33:7-8). එවිට නගරය උන්වහන්සේට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද ගෙන එනු ඇත (9 පදය).

සිත් බිඳීම සහ කැඩුණු බව ගෙන එන පාපය නිසා අපි කලකිරෙන විට, මොනෙන්බර්ග්හී වත්තේ පිටුපසදී කළ ආකාරයට දෙවියන්වහන්සේ සුවය සහ බලාපොරොත්තුව ගෙන එන ලෙසට අපි නොකඩවා යාච්ඤා කරමු.