1876 මධ්‍යම ඉන්දියානා ප්‍රදේශයේ ගල් අඟුරු හාරමින් සිටි පිරිසක් තමන්ට නරකාදියේ දොරවල් හමුවී යයි සිතුවෝය. ඉතිහාසඥ ජෝන් බාර්ලෝ මාර්ටින් කියන පරිදි අඩි හයසියයක් පමණ ගැඹුරට යන විට දුගඳ හමන දුමක් සමග මහා කුරිරු ශබ්ද” ඔවුන්ට ඇසී තිබේ. තමන් පාතාලයේ වහල හිල් තරන්න ඇතැයි බියවී ඔව්හු ළිඳ වසා ගෙවල් වලට දුව ගියෝය.

සේවකයෝ වැරදියට සිතුවෝය. වසර ගණනාවකට පසු නැවත හාරා එහි ඇති ස්වාභාවික ගෑස් ඇති බව සෙයා ගත්තෝය. ඔවුන්ට වැරදුනද මට ඔවුන් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුනි. මගේ ජීවිතයෙන් නිතරම මග හැරුණු ආත්මික ලෝකයක් ගැන මෙම සේවකයෝ දැන සිටියහ. ස්වාභාවික සහ අධිස්වාභාවික දේවල් බොහෝ විට නොගැටෙන බව සිතා ජීවත්වීම පහසුය. එසේම “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව,… ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය” බව අමතක කිරීමය (එපීස 6:12).

නපුර අපගේ ලෝකයේ ජයගන්නා බව දකින විට පරාජය භාර ගැනීම හෝ අපගේ ශක්තියෙන් සටන් කිරීම හෝ නොකළ යුතු වන්නෙමු. ඒ වෙනුවට අපි නපුරට විරුද්ධව සිටිය යුත්තේ “දෙවියන්වහන්සේගේ යුධායුධ” (13-18 පද) පැළඳගෙනය. බයිබලය ඉගෙන ගැනීම, දිරිමත්වීමට අන් ඇදහිලිවතුන්ව නිතරම හමුවීම සහ අනුන්ගේ යහපත ගැන සිතමින් යහපත් තීරණ ගැනීම යනාදිය “යක්‍ෂයාගේ උපාය වලට විරුද්ධව” නැගී සිටීමට අපට උපකාරී වේ. ශුද්ධාත්මයෙන් අප සන්නද්ධ වන කල අප මුහුණ දෙන ඕනෑම දෙයකදී අපට ස්ථීරව සිටිය හැකිය.