අලුත් අවුරුද්ද උදාවෙද්දී ලෝකය පුරා අධි බලැති ගිණි කෙළි පුපුරන විට නැගෙන ශබ්දයේ අරමුණක් තිබේ. එම නිෂ්පාදකයින්ට අනුව දීප්තිමත් ගිණි කෙළි වලින් කරන්නේ පරිසරය දෙකඩ කිරීමකි. එසේම පිපිරීමේ දෙවන වර ශබ්දය ඉතා විශාලය. විශේෂයෙන් ඒවා පොළොවට සමීපයේ පිපුරුණ විටය.

කරදරද අපගේ සිතිවිලි, මනස සහ නිවෙස් තුළ පිපිරිය හැකිය. පවුල් අරගල, සම්බන්ධතා ගැටළු, වැඩ ගැන ඇති අභියෝග, මූල්‍යමය කරදර, සභා බෙදීම් පවා පිපිරීම් ලෙස දැකිය හැකිය. අපගේ භාවමය වටාපිටාවද ඒවායින් සෙළවිය හැකිය.

එසේ වුවත් මෙම කලබගෑණීයට ඉහළින් අපව ඔසවා තබන තැනන්වහන්සේව අපි දන්නෙමු. ක්‍රිස්තුස්වහන්සේම “අපගේ සාමාදනයව සිටින සේක” කියා පාවුල් එපීස 2:14 හි ලියයි. අපි උන්වහන්සේගේ අභිමුඛයෙහි සිටින විට ඕනෑම කණස්සල්ලක සිත් රිදීමක හෝ අසමාදානයක හෝ ශබ්දයන් යන කිසිම වියවුලකට වඩා උන්වහන්සේගේ සමාදානය ශ්‍රේෂ්ඨ වන්නේය.

මෙය එක ලෙස යුදෙව්වන්ට සහ අන්‍යජාතිකයන්ට බලවත් ස්ථීරභාවයක් දෙන්න ඇති. ඔව්හු වරක් “ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව දෙවියන්වහන්සේත් නැතුව” (12 පදය) ජීවත්වූහ. නුමුත් දැන් පිටතින් පීඩාවන් පිළිබඳ තර්ජනද අභ්‍යන්තරයේ බෙදීම් පිළිබඳ තර්ජනයන්ටද ඔවුහු මුහුණ දුන්හ. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවූහු උන්වහන්සේ වෙතට ළංව සිටියහ. එසේම උන්වහන්සේගේ රුධිරය මගින් එකිනෙකාට ළං කෙරුණි. “මක්නිසාද වෙන්කිරීමේ මැද බිත්තිය බිඳ දමා …… දෙගොල්ල එක්කළ සවාමින්වහන්සේම අපේ සමාදානයව සිටින සේක” (14-15 පද).

අපි අලුත් වසරක් ආරම්භ කරන අවස්ථාවේ අසහනයේ සහ බෙදීමේ තර්ජන ක්‍ෂිතිජයෙන් මතුවන කල්හි ජීවිතයේ ශබ්දකාරී මාවත්වලින් හැරී අප සමග නිතර පවතින සමාදානය සොයමු. උන්වහන්සේ පිපිරීම් නිසල කර අපව සුවකරන සේක.