මම ජීවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ නමාති ප්‍රාන්තයේය. මෙම ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ උතුරු අමෙරිකාවේ බටහිර ප්‍රදේශයේය. මෙම ප්‍රදේශය එහි තිබෙන කඳු නිසාත් වාර්ෂිකව හිම වැටෙන ප්‍රදේශයක් නිසාත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් මා ජීවත්වන ප්‍රාන්තයේ ඇතිවුණු දරුණුම ස්වභාවික ව්‍යසනය හිම නිසා නොව, වර්ෂාව හේතුකොටගෙනයි. 1976 ජූලි 31 වන දිනදී බිග් තොම්සන් යනුවෙන් හැඳින්වූ විශාල ජලගැල්මක් ඇති විය. මෙය සිදුවූයේ එස්ටස් පාර්ක් නමින් හැඳින්වූ නිවාඩු නිකේතන නගරයකයි. ජලගැල්ම සම්පූර්ණයෙන් බැස ගියාට පසු, මිනිසුන්ගේ පමණක් මළ සිරුරු 144ක් හමුවිය. මේ ව්‍යසනයට පසුව එම ප්‍රදේශයේ විශේෂ අධ්‍යයනයක් කරන ලදී. විශේෂයෙන්ම මෙම අධ්‍යයනය කළේ සාමාන්‍ය මාර්ගයන් සහ මහ මාර්ගවල අත්තිවාරම සම්බන්ධවයි. මෙම පරෙ දෙපස තාප්ප තිබුණි. මෙම තාප්පවලින් නොකැඩී තිබුණේ කොන්ක්‍රීට්වලින් අත්තිවාරම සාදා තිබූ තාප්ප පමණි. වෙන වචනවලින් කියනවානම් මෙම තාප්ප සාදා තිබුණේ ශක්තිමත් අත්තිවාරමක් මතයි.

අපේ ජීවිතවලට ජලගැල්මක් පැමිණෙයිදෝ කියන ප්‍රශ්නය නොව, කවදා මෙය පැමිණෙයිද යන්නයි. සමහරවිට අපට මෙය ගැන කලින් දැනුම්දීමක් ලැබෙන නමුත් බොහෝ අවස්ථාවල එසේ සිදුනොවේ. මෙවැනි අවස්ථාවන්වලට යේසුස්වහන්සේ අපගේ අවධානය යොමුකරන්නේ ශක්තිමත් අත්තිවාරමක් – එනම් උන්වහන්සේගේ වචනයට සවන් දීමෙන් පමණක් නොව ශුභාරංචිය අනුව ජීවත් වීමෙනි (ලූක් 6:47). මෙවැනි ආකාරයට ක්‍රියාකිරීම සමාන කළ හැක්කේ අපේ ජීවිතයට කොන්ක්‍රීට් වත්කරනවා හා සමානය. ජලගැල්ම පැමිණි විටදී, එය අනිවාර්යයෙන්ම පැමිණෙනවා, අපි “හොඳින් ගොඩනඟා” තිබෙන නිසා (ලූක් 6:48) එයට එරෙහිව නැඟී සිටින්නට අපට පුළුවන් වනවා ඇත. පුහුණුවීමක් නොමැති වීම හේතුවෙන් අපගේ ජීවිත බිඳවැටීමට සහ විනාශයට ගොදුරු වීමේ අවධානමක් ඇත (49පදය). බුද්ධිමත්වීම සහ අඥානව සිටීම යන දෙකේ වෙනස මෙයයි.

ඉඳහිට විරාමයක් ගන්මින් අපගේ අත්තිවාරම ගැන සැළකිලිමත් වීම යහපත් දෙයකි. ජලගැල්ම පැමිණි අවස්ථාවල යේසුස්වහන්සේගේ බලයෙන් අපට ශක්තිමත්ව නැඟී සිටින පිණිස අපගේ දුර්වල ස්ථාන සවිශක්තිමත් කරගන්නට උන්වහන්සේ අපට උපකාර වන සේක.